බැංකු කාඩ්පත් මගින් සිදුකල මහා සොරකම

විවිධ පුද්ගලයන් රවටා ඔවුන් සතු බැංකු කාඩ්පත් තුලින් රුපියල් ලක්ෂ 20ක් පමණ් මුදලක් වංචා කළ පොද්ගලයෙකු කඩුවෙල පොලීසිය විසින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මල්වාන ප්‍රදේශයේ පදින්චිකරුවෙකු වන මොහු කලක පටන් මෙම වංචාව සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ.

කඩුවෙල,නවගමුව සහ මාලඹේ වැනි ප්‍රදේශ වල ඒ ටී එම් යන්ත්‍ර වලින් මුදල් ලබාගැනීමට සිටින පුද්ගලයාට තම කාඩ්පත ඇතුළු කිරීමට නොහැකිලෙස යන්ත්‍රය සිරකර පසුව ඔවුන්ට උදව් ලබාදෙන මුවාවෙන් මෙම වංචාව සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කලේ.

සැකකරු අද(08) කඩුවෙල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත්කිරීමට නියමිතයි.