බැංකු කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීමේ සේවාව ඇරඹේ

බැංකු කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීමේ සේවාව අද (24) දිනයේ සිට ආරම්භ වුණා.

ඒ, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදීයි.

මෙම නව වැඩපිළිවෙල යටතේ අද (24) දිනයේ සිට මාකුඹුර – මාතර, මාකුඹුර – ගාල්ල, මාකුඹුර – බදුල්ල, කොළඹ – අම්පාර යන අධිවේගී බස් රථ සඳහා බැංකු කාඩ්පත් මගින් ගෙවීම් කර බස් ටිකට්පත මිල දී ගැනීමේ හැකියාව පවතිනවා.

මීට සමගාමීව බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් බොරැල්ල – කඩවත, ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් බදුල්ල – බණ්ඩාරවෙල, බදුල්ල – මහියංගනය, මොණරාගල – බිබිල සහ මොණරාගල – වැල්ලවාය අතර ධාවනය වන බස් රථ සඳහා බැංකු කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීමේ ක්‍රියාවලිය ආරම්භ කරනු ලැබුවා.

මේ අතර හෙට (25) දිනයේ දී කොළඹ – වව්නියාව, කඩවත මහරගම, මාකුඹුර – තංගල්ල සහ මාකුඹුර – අඟුණුකොලපැලැස්ස දක්වා ධාවනය වන බස් සඳහා ද බැංකු කාඩ්පත් මගින් ගෙවීම්කර ටිකට් පත මිලදී ගැනීමට අවස්ථාව හිමිවනවා.

මෙම ක්‍රියාවලිය එළඹෙන දෙසැම්බර් මාසය වන විට බස්නාහිර පළාතේ ධාවනය වන සියලුම අධිවේගී බස් රථ සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කළේ.

දෙසැම්බර් මාසය තුළදී එම ක්‍රියාවලිය ආරම්භ කර පසුව 2026 වසර අවසන් වන විට බස්නාහිර පළාතේ සියලුම බස් රථ සඳහා බැංකු කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීමේ සේවාව ආරම්භ කිරීමට කටයුතු සැලසුම්කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51