බැංකුවේ තැන්පත් කරන්න ගෙන ගිය ලක්ෂ 20ක් මංකොල්ල කයි

මනම්පිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන යමින් තිබූ රුපියල් ලක්ෂ 20ක මුදලක් කිසියම් පුද්ගලයෙකු විසින් පැහැරගෙන ගොස් තිබෙනවා.

තොග සහ සිල්ලර බඩු ව්‍යාපාරිකයෙකු වන මෙම පුද්ගලයා අදාළ මුදල් තැන්පත් කිරීම සඳහා සෙවනපිටිය ප්‍රදේශයට ලොරියකින් ගමන් කරමින් සිටියදී මුදල් පැහැර ගැනීමට ලක්ව ඇති බවටයි අනාවරණ වන්නේ.

මනම්පිටිය මඩකලපුව හන්දිය ආසන්නයේදී මුදල් කොල්ලකා ඇත්තේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් මෙම ව්‍යාපාරිකයා මනම්පිටිය පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

අදාළ සිද්ධිය පොලිසියට දැනුම් දීමත් සමග පොලිසිය වහාම ක්‍රියාත්මක වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් CCTV කැමරා පරීක්ෂා කර පුළුල් විමර්ශනයක් සිදු කරමින් පවතිනවා.

මුදල් පැහැර ගැනීමට ලක්වන විට අදාළ ව්‍යාපාරිකයා පමණක් එම ලොරි රථයේ ගමන් කර තිබෙනවා.

යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයා ලොරිය නවතා රියදුරු අසුන අසල දොර විවෘත කර තමාගේ ගෙලට තියුණු ආයුධයක් තබා රුපියල් ලක්ෂ 20ක මුදල පැහැරගත් බවටයි ව්‍යාපාරිකයා පැමිණිලි කර ඇත්තේ.

පොළොන්නරුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් පරිදි මනම්පිටිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
2
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොල්ලෝ දෙදෙනෙක් විදෙස් කතකට කරපු කැත වැඩේ..CCTV කැමරාවේ සටහන් වෙයි
03:52
Video thumbnail
ඉන්දියානු ජාතිකයින් දෙදෙනාගේ බෑගයට විද්ද සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:51
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස..කාන්තා සිරුරක් සහ කෙඳිරිගාමින් සිටි තවත් කතක් එකම ළිඳෙන්
01:45
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද QR ක්‍රමයට වැල්ලවායේ තෙල් බෙදන හැටි..
02:03
Video thumbnail
ඉස්ලාම් බැතිමතුන් අද නෝම්බි අවුරුදු උත්සවය සමරපු හැටි..Happy Eid Mubarak
01:34
Video thumbnail
"වනචාරි අනුබුදු ගුණ බෙලෙන් යුද ගිණි නිවේවා" මිහින්තලේ හිමි පොසොන් උත්සවයේ තේමාව ගැන කිව්ව දේ
05:52
Video thumbnail
කොල්ලෙකුට මහ පාර මැද පොල්ලකින් ග#පු පොලිසිය.."ග#පු පාරට කොල්ලගේ දත් දෙකකුත් කැ#ලා"
02:45
Video thumbnail
ඉස්සරහට අමාරු කාලේකට මුහුණ දෙන්න වෙනවා
01:22
Video thumbnail
ගාමිණි දිසානායක අද හිටියා නම් මේ ආණ්ඩුවට උපදෙස් දෙනවා
01:44
Video thumbnail
අපි කිව්ව දේවල් ඇහුවා නම් රටට මෙහෙම වෙන්නේ නෑ
05:27