බැංකුවෙන් සොරා ගත් මුදල්වලින් ගෙදර බිල් ගෙවූ බැංකු ආරක්ෂක නිලධාරියා

පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රයට දැමීමට තිබූ මුදල් සොරාගෙන තම විදුලි සහ දුරකථන බිල්පත් ගෙවූ බැංකු ආරක්ෂක නිලධාරියකු වැල්ලවත්ත පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවත්ත ඩබ්ලිව්.ඒ.සිල්වා මාවතේ පිහිටි පෞද්ගලික බැංකුවක ආරක්ෂක නිලධාරියෙක්.

අදාළ පෞද්ගලික බැංකුවේ සහකාර කළමණාකරු විසින් රුපියල් ලක්ෂ අනූවක මුදලක් පසුගිය 21 වන දින ATM යන්ත්‍රයට දමා ඇත්තේ අදාළ බැංකු ආරක්ෂක නිලධාරියා සමගින්.

පසුදින බැංකු සහකාර කළමණාකරු විසින් එම ATM යන්ත්‍රයේ ඇති ඉතිරි මුදල් පරික්ෂා කිරීමේදී රුපියල් පන්දහසේ නෝට්ටු තිස් දෙකක් වන රුපියල් එක් ලක්ෂ හැටදහසක මුදලක් අඩු බවට බැංකුව දැනුවත් කර තිබෙනවා.

පසුව ATM යන්ත්‍රයට මුදල් බැර කරන ආකාරය දැක්වෙන CCTV දර්ශන පරික්ෂා කිරීමේදී දැක ගැනීමට ලැබී ඇත්තේ යන්ත්‍රවලට මුදල් දමන අවස්ථාවේ දී පුටුවක් මත තබා තිබූ මුදල්වලින් කොටසක් එහි සිටි ආරක්ෂක නිලධාරියා විසින් සොරාගෙන ඔහුගේ කලිසම් සාක්කුවට දමා ගන්නා ආකාරයයි.

සැකකරු සොරකම් කළ මුදලින් කොටසක් ඔහු තම නිවසේ විදුලි සහ දුරකථන බිල්පත් ගෙවීම සඳහා වැය කර ඇති අතර ඉතිරි මුදල් ඔහුගේ බැංකු ගිණුම් දෙකකට බැරකර තිබියදී සොයාගෙන තිබෙනවා.

සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
9
+1
1
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධ්‍යක්ෂ නිල නිවසේ අවසරයකින් තොරව බිබී බජව් දාන හැටි..Party දදා ෆුල් Fun එකක් ගන්නේ
02:08
Video thumbnail
මුදල් නි.ඇමති අරුම පුදුම ප්‍රකාශයක්නේ කරන්නේ..ජනතාවගේ අසහනය වර්ධනය වෙලා
05:47
Video thumbnail
මහ මඟදි හමුවූ මහින්ද රාජපක්ෂගේ ඒ නිහතමානි හිනාව..හදවතටම දැනෙන වීඩියෝවක්
00:56
Video thumbnail
පොලිස්පතිගේ ජොබ් එකටත් ෂොට් එක..ශානි පොලිස්පති කරන්න යන්නේ ?සුගීෂ්වරගෙන් ආණ්ඩුවට රතු එළි
06:00
Video thumbnail
එජාපය ලෑස්ති ආණ්ඩුව පෙරලන්නද ?..ඩොලර‍ය වැඩිවෙනවා කියන්නේ ණය බිලියන ගාණකින් වැඩි වෙනවා
03:30
Video thumbnail
ආන්දෝලනාත්මක මල්වානේ නිවසේ ඇත්ත හිමිකරු මෙන්න..ඇස් උඩයන කරුණු රැසක් එළියට..අධි Security VIP House
17:00
Video thumbnail
ලක්ෂ 12කට කාර් ගන්න නේද කට්ටිය ඡන්දය දුන්නේ ?සීලරතන හිමිට හරිම හිනා
03:14
Video thumbnail
මොකෙක්ද මේ NPP හෙංචයියෝ ටිකක් මේ රෝහලා කනවා..අපිලගේ සාදු කුපිත නලින්දට හොඳම එකෙන් දෙසයි
04:15
Video thumbnail
මල්වානේ යැයි කියූ වීඩියෝවේ ඇත්ත නැත්ත මෙන්න.."ආතල් ගන්න ඕනිනම් පොඩි ආතල් එකක් ගන්න"
06:20
Video thumbnail
PUCSL සභාපතිද ? NPP මන්ත්‍රීද ? දැන් ඇත්ත කියන්නේ ?..ඔක්කොම බොරු කරලද දැන්
01:17