spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බැංකුවෙන් සොරා ගත් මුදල්වලින් ගෙදර බිල් ගෙවූ බැංකු ආරක්ෂක නිලධාරියා

පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රයට දැමීමට තිබූ මුදල් සොරාගෙන තම විදුලි සහ දුරකථන බිල්පත් ගෙවූ බැංකු ආරක්ෂක නිලධාරියකු වැල්ලවත්ත පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවත්ත ඩබ්ලිව්.ඒ.සිල්වා මාවතේ පිහිටි පෞද්ගලික බැංකුවක ආරක්ෂක නිලධාරියෙක්.

අදාළ පෞද්ගලික බැංකුවේ සහකාර කළමණාකරු විසින් රුපියල් ලක්ෂ අනූවක මුදලක් පසුගිය 21 වන දින ATM යන්ත්‍රයට දමා ඇත්තේ අදාළ බැංකු ආරක්ෂක නිලධාරියා සමගින්.

පසුදින බැංකු සහකාර කළමණාකරු විසින් එම ATM යන්ත්‍රයේ ඇති ඉතිරි මුදල් පරික්ෂා කිරීමේදී රුපියල් පන්දහසේ නෝට්ටු තිස් දෙකක් වන රුපියල් එක් ලක්ෂ හැටදහසක මුදලක් අඩු බවට බැංකුව දැනුවත් කර තිබෙනවා.

පසුව ATM යන්ත්‍රයට මුදල් බැර කරන ආකාරය දැක්වෙන CCTV දර්ශන පරික්ෂා කිරීමේදී දැක ගැනීමට ලැබී ඇත්තේ යන්ත්‍රවලට මුදල් දමන අවස්ථාවේ දී පුටුවක් මත තබා තිබූ මුදල්වලින් කොටසක් එහි සිටි ආරක්ෂක නිලධාරියා විසින් සොරාගෙන ඔහුගේ කලිසම් සාක්කුවට දමා ගන්නා ආකාරයයි.

සැකකරු සොරකම් කළ මුදලින් කොටසක් ඔහු තම නිවසේ විදුලි සහ දුරකථන බිල්පත් ගෙවීම සඳහා වැය කර ඇති අතර ඉතිරි මුදල් ඔහුගේ බැංකු ගිණුම් දෙකකට බැරකර තිබියදී සොයාගෙන තිබෙනවා.

සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
9
+1
1
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?