බාල ඖෂධ ගෙන්වූ සිද්ධියේ පළමු සැකකරු වහාම අංගොඩ යවන්න – අධිකරණයෙන් විවෘත තීන්දුවක්

ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර එන්නත් ආනයනය කර රජයේ රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරනු ලැබූ නඩුවේ දැනට (29) රිමාන්ඩ් භාරයේ පසුවන පළමු වැනි සැකකරු දිවිනසා ගැනීමේ තත්ත්වයකට හා දරුණු මානසික රෝගි තත්ත්වයකට මුහුණු දී ඇති බැවින් ඔහු වහාම අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ රඳවා තැබීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කර තිබෙනවා.

අප අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ; මෙම නියෝගය මීට ටික වේලාවකට පෙර ප්‍රකාශයට පත් කෙරුණු බවයි.

එහිදි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ; දස දෙනෙකුගෙන් යුත් වෛද්‍ය මණ්ඩලයේ වාර්තාව පැමිණෙන තුරු මානසික රෝහලේ පළමු වැනි සැකකරු රඳවා තැබීම කළ යුතු වගයි.

ඒ අනුව පළමු වන සැකකරු සුදත් ජානක, වහාම මානසික රෝහල වෙත ගෙන යන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට අද නියෝග කර තිබෙනවා.

“මේ පුද්ගලයා හෙට දිවි නසා ගත්තොත් මට වගකියන්න වෙයි. ඒ නිසා ඇප දීම සම්බන්ධයෙන් නීත්‍යනුකූල වාර්තා කැඳවනු තුරු ලංකාවේ මානසික රෝග සඳහා ප්‍රතිකාර කරන අංගොඩ රෝහල වෙත අදම රැගෙන යන්න” යැයි මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ දී ප්‍රකාශ කර තිබෙනවා.

නඩුව ආරම්භයේ දී පළමු සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඔහුගේ මානසික රෝගි තත්ත්වය සුවිශේෂී කරුණක් ලෙස සලකා ඇප ඉල්ලා සිටි අතර එම ඉල්ලීම කල් තබන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය ඉල්ලා සිටියා.

එහිදී මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන් කැඳවා විමසා සිටියේ මානසික රෝගයක් පිළිබඳව ලක්ෂණ කිසියම් රැඳවියකුගෙන් පෙන්නුම් කරන්නේ නම් ඔහු මානසික රෝහලකට යැවීමට කටයුතු කරනවා දැයි යන්නයි.

එම අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීවරයා පැවසුවේ එය ඒ අයුරින් සිදු කරන බවයි.

පළමු චූදිතයා දිවිනසා ගැනීමට වැඩි ඉඩකඩක් පවතින බවට සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියා.

එහිදී කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන්නේ එම සැකකරු මානසික රෝගි තත්ත්වයට මුහුණ පා ඇත්නම් වයස අවුරුදු 87ක් වන ඔහුගේ මවට භාරදීම ද දැඩි අනාරක්ෂිත බවයි.

එමෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව එවැනි පුද්ගලයෙකට ඇප ලබාදීමෙන් සමාජගත කළ නොහැකි බවත් ඔහු සුදුසු මානසික රෝහලකට යොමු කර; සුදුසු ප්‍රතිකාර ලබා දෙන ලෙස ද අධිකරණය නියෝග කළා.

තව ද; මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නේ ප්‍රමාණවත් සාක්ෂි පවතින රජයේ චෙක්පත භාරගත් පළමු සැකකරු හට ඇප ලබාදීම සිදු කළ නොහැකි බවයි.

ඒ අනුව පළමු සැකකරු අංගොඩ මානසික රෝහල වෙත මාරු කිරිමට නියෝග කෙරුණා.

එමෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සඳහන් කළේ ඔහු පුර්ණ ආබාධිත තත්ත්වයට පත් විය හැකි බවත් එම තත්ත්වය රජයේ රෝහලක සුව කිරිමට නොහැකි බවත්ය.

එසේ පුර්ණ ආබාධිත තත්ත්වයට පත් වුවහොත් ඇප ලබා දුන්න ද වැඩක් නොවන බව ද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

එබැවින් ඇප යළිත් තම සේවාදායකයා වෙනුවෙන් ඉල්ලා සිටින බවයි හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඊට විරුද්ධත්වය පෑ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන්නේ සෙසු සැකකරුවන් මෙන් ම පුර්ණ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කර එම චූදිතයාගේ ද වෛද්‍ය වාර්තා කැඳවා ඇප පිළිබඳව සලකා බලන බවයි.

එහිදි මහේස්ත්‍රාත්වරිය හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පුර්ණ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කර වාර්තා කැඳවීමට නියෝග කළා.

බාල ඖෂධ ගෙන්වූ බව කියන අයු­සු­ලේට් බයො­ටෙක් ෆර්මා සමා­ගමේ හිමි­කරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැප­යුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍ර­ම­නා­යක, වෛද්‍ය සැප­යුම් අංශයේ සහ­කාර අධ්‍යක්ෂ ශාන්තිනී සොල­මන්, ගණ­කා­ධිකාරී (සැප­යුම්) නෙරාන් ධනං­ජය, සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍ර­ගුප්ත, වෛද්‍ය සැප­යුම් ඒක­කයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රාල් වෛද්‍ය හේරත් මුදි­ය­න්සේ­ලාගේ ධර්ම­සිරි රත්න­කු­මාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙ­ළිය රඹු­ක්වැල්ල, සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ හිටපු අති­රේක ලේකම් සමන් රත්නා­යක, වෛද්‍ය සැප­යුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර‍ඹේ­ගෙ­දර තුසිත සුද­ර්ශන‍්, ඖෂධ නියා­මන අධි­කා­රියේ හිටපු ප්‍රධාන විධා­යක නිල­ධාරී විජිත් රණ­සිංහ ගුණ­සේ­කර යන සැක­ක­රු­වන් මෙම නඩුවේ සැක­ක­රුවෝ වෙනවා.

මෙහි සිව්වැනි සැක­කාර හිරාන් ධන­ජංය, පස්වැනි සැක­කාර සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ තොග පාලක සුජිත් කුමාර සහ වෛද්‍ය සැප­යුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර‍ඹේ­ගෙ­දර තුසිත සුද­ර්ශන, ජානක චන්ද්‍රගුප්ත, සමන් රත්නායක, කපිල වික්‍රමනායක , දේවශාන්තිනි සොලමන්ස් යන හත් දෙනා පම­ණක් මේ වන විට ඇප මත සිටින අතර, වෛද්‍ය ජය­නාත් බුත්පි­ටිය යන අය මෙම නඩුවේ 09 වැනි සැක­කරු ලෙස නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම සැක­කරු මේ වන විට විදෙ­ස්ගත සිටිනවා.

අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට ජාත්‍යන්තර පොලිසිය වෙත රතු නිවේදන යවා ඇති බව ද අධිකරණයේ දී අනාවරණය වුණා.

ඇප ලබා සිටින සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් වූ අතර බන්ධනාගාරයේ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, විජිත් ගුණසේකර හා රත්නකුමාර හේරත් යන අය අධිකරණයට පෙනී සිටියේ නැහැ.

ඔවුන් තිදෙනා දැඩි ලෙස රෝගාතුරව සිටින බැවින් එසේ ඉදිරිපත් නොකරන බව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කළේ පළමු සැකකරු සුදත් ජානක ප්‍රනාන්දු පමණි.

ඉදිරිපත් කළ සියලු කරුණු සැලකිල්ලට ගත් අධිකරණය හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුලු අනෙක් සැකකරුවන් සිව්දෙනා ලබන මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කළා.

සැකකරුවන් 12නා ගෙන් හත් දෙනෙකු ඇපමත මුදා හැර ඇති අතර එක් සැකකරුවකු විදෙස්ගතව සිටින බැවින් තවමත් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඉතිරි සැකකරුවන් හතර දෙනා නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගයට යටත්ව තවමත් බන්ධනාගාරගත ව සිටිනු ඇති.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙබරවාරි 02 වැනිදා සිට මේ දක්වා රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමයක් යටතේ මෙරටට ගෙන්වු ඖෂධ නිසා ජීවිත අවදානම් තත්ත්වයට පත් වූ සහ රජයට කෝටි ගණනක පාඩුවක් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලා අල්ලස්, දූෂණ හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා සහ සිවිල් සංවිධාන එකමුතුව කළ පැමිණිල්ලලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනය කර මෙම නඩුව පවරනු ලැබුවා.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය සහ රජයේ අධි නීතිඥ අසේල විජේසිංහ , ගංගානි උක්වත්ත මහත්මිය ඇතුලු මෙම නඩුවට පෙනී සිටිනවා.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් උප පොලිස් පරික්ෂක ලක්සිරි මහතා, සැරයන් ප්‍රනාන්දු 35124, සැරයන් මනෝජ් 61823, සහ ප්‍රධාන පොලිස් පරික්ෂක ජයන්ත පයාගල මහතා ඇතුලු පිරිසක් පෙනී සිටින අතර සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නිතිඥ අනුජ ප්‍රේමරත්න, ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න, ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නවාන ඇතුලු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටින බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
20
+1
1
+1
23
+1
1
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34