බාලි දූපතේ සංචාරක බෝට්ටුවක් පෙරළී සිව්දෙනෙකු මරුට – තවත් පිරිසක් අතුරුදන්

ඉන්දුනීසියාවේ බාලි සංචාරක දූපතට ඔබ්බෙන් වූ තොටුපොළක බෝට්ටුවක් ගිලී යාමෙන් සිදු වූ අනතුරකින් සිව්දෙනෙකු මියගොස් තවත් විශාල ප්‍රමාණයක් අතුරුදන් ව තිබෙනවා.

බීබීසී මාධ්‍ය වාර්තා කළේ, එරට දේශීය වේලාවෙන් රාත්‍රී 11.20ට මෙම අනතුර සිදු ව ඇති බවයි.

බෝට්ටුව ගිලෙන අවස්ථාවේ දී එහි මගීන් 53 දෙනෙකු හා කාර්‍යය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු සිට තිබෙනවා.

ජාතික සෙවුම් සහ මුදාගැනීමේ ඒජන්සිය පැවසුවේ මේ වනවිට මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවත් අතුරුදන් වූ 38 දෙනා සොයා ජීවිතාරක්ෂක භටයින් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි.

ඇන්ටාරා ප්‍රවෘත්ති ඒජන්සිය විසින් ප්‍රකාශයට පත් කරන ලද ඡායාරූපවල ගිලන්රථ සූදානම්ව තබා ඇති අතර පොලිසිය ද එම ස්ථානයට පැමිණ තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?