බාලවියේ දැරියකට පොලිසියේදීම ගර්භනී පරීක්ෂණයක් කර පොසිටිව් බව කියයි

බාලවයස්කාර දැරියකට පොලිසිය තුළදී ගර්භණී පරීක්ෂණයක් පැවැත්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තා හා ළමා අපයෝජන නිවාරණ කාර්යාංශය මඟින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

වාර්තා වන පරිදි මෙම සිදුවීම වී ඇත්තේ මාතර පොලිසියට අනුයුක්ත ළමා හා කාන්තා අපයෝජන ඒකකයේදීයි. මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් මාතර බලා පිටත්ව ගොස් ඇතැයි කාන්තා හා ළමා අපයෝජන නිවාරණ විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර පවසා සිටිනවා. 

සිද්ධිය සම්බන්ධයෙන් කාන්තා හා ළමා කාර්යාංශයට පැමිණිල්ලක් ලැබී ඇති අතර බාලවයස්කාර දැරිය එම පැමිණිල්ලෙන් ප්‍රකාශ කර ඇත්තේ මාතර කාන්තා හා ළමා ඒකකයේ නිලධාරිනියක් එම ගර්භණී පරීක්ෂණය පැවැත්වූ බවත් ඒ සඳහා තමාව වැසිකිළියකට කැඳවාගෙන ගොස් මුත්‍රා සාම්පලයක් පවා ලබාගත් බවයි. පසුව එම ඒකකයේ එක් නිලධාරිනියක් තමා පොසිටිව් බවත් පැවැසූ බව ඇය සඳහන් කර ඇතැයි වාර්තා වෙනවා. වයස අවුරුදු 15ක මෙම දැරිය මවගේ භාරයෙන් පැහැරගෙන යෑමට උත්සාහ කළ තරුණයකු සමඟ මාතර රෝහල ඉදිරිපිට ඇති වූ සිදුවීමක් සමථයට පත්කරලීම සඳහා මාතර කාන්තා හා ළමා අපයෝජන නිවාරණ කාර්යාංශයට ගොස් සිටි අවස්ථාවකදී එම අංශයේ එක්තරා නිලධාරියෙක් මවගේ දැඩි විරෝධය මත බාලවයස්කාර දැරිය පැහැරගෙන යෑමට උත්සාහ කළ තරුණයා සමඟම පිටත්කර යැවීමට කටයුතු කර ඇතැයිද වාර්තා වෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ ප්‍රකාශ මත ඇගේ සොහොයුරාගෙන් හා බාප්පා කෙනකුගෙන්ද ප්‍රශ්න කරන බව කාන්තා හා ළමා නිවාරණ අපයෝජන කාර්යාංශය කියයි.

 සමාජ මාධ්‍යජාලා තුළ මෙම සිදුවීම මේ වනවිට සංසරණය වෙමින් පවතිනවා. සිද්ධිය පිළිබඳ බාලවයස්කාර දැරියගෙන් ප්‍රකාශ දෙකක් මේ වනවිට ලබාගෙන ඇතැයිද වාර්තා වෙනවා. මේ වනවිට පැමිණිලිකාරියගේ පාර්ශ්වයෙන් ද අඩුපාඩු රැසක් වාර්තා වී තිබෙන බවත් පොලිසිය සම්බන්ධයෙන් කිසියම් වැරැද්දක් වී ඇත්නම් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත් නියෝජ්‍ය පොලිස්පතිනිය පවසා සිටිනවා.

 මෙම දැරියගේ පෙම්වතා සමඟ පිටත්කර යැවූ බවට පොලිසියට චෝදනා එල්ල වුවද මූලික විමර්ශනයේදී හෙළි වී ඇත්තේ දැරිය රෝහල තුළ සිටියදී පෙම්වතා විසින් ඇය රැගෙන ගොස් ඇති බවයි. බාලවයස්කාර මෙම දැරියගේ කුස මත පිලිස්සුම් තුවාල කැළැල් ඇති බවත් ඇගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කරද්දී ඇය මාතර පොලිසියට එක් ප්‍රකාශයකුත් කාන්තා හා ළමා කාර්යාංශයට තවත් ප්‍රකාශයකුත් ලබාදෙන බවත් මේ නිසා විමර්ශන ගැටලු සහගත තත්ත්වයකට පත්ව ඇතැයිද එම කාර්යාංශය සඳහන් කරයි. කාන්තා හා ළමා අපයෝජන නිවාරණ විමර්ශන දිසාවේ නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර ගේ උපදෙස් මත එම කාර්යාංශයේ අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරි මහත්මියගේ මෙහෙයවීම මත විමර්ශන අරඹා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ළඟට ගිහින් ධීවරයින් දුක කියයි - මෝ# පක්ෂයක් ඇවිත් අවු:2යි..කිරින්දම විනාශ කළා
11:18
Video thumbnail
අපි බියවෙලා ඉන්නේ - සාක්කි හදනවා, චෝදනා මවනවා
11:01
Video thumbnail
විපක්ෂය කියන ඒවා අපි ලොකුවට ගණන් ගන්නේ නෑ
04:56
Video thumbnail
ප්‍රසංග කලාවටත් තිත ? අපි සූදානම් නෑ මේ කතෘ භාගය ගෙවන්න..ගායකයා ඒක ගෙවන්න
05:09
Video thumbnail
පාලමක් අසළ නාඳුනන මළ සිරුරක් හමුවෙයි
00:55
Video thumbnail
100ක් හිරේ දැම්මත් එකා පිටිපස්සේ එකා ඉන්නවා
03:44
Video thumbnail
නාමල්ගේ නඩුවේ බොරු සාක්ෂි හදපු හැටි ජනතාව ඉදිරියේ හෙළිකරයි - අම්මා මැ#ලා මාස 6ට පස්සේ කට උත්තර දීලා
02:05
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න - ඔයාව පත්කළොත් අපිට අඩුවට දෙන්න පුළුවන්ද ?
06:56
Video thumbnail
යෝෂිත රාජපක්ෂ CIDයෙන් පිටව ගිය හැටි
01:02
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:05