බාලවයස්කාර දැරියට පාසල් සිසුන් 07ක් එක්ව කළ අකටයුතුකම

15 හැවිරිදි බාලවයස්කාර පාසැල් දැරියක සමූහ දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් එම බාලවයස්කාර දැරියගේ පෙම්වතා බව කියන පාසල් සිසුවා සහ තවත් සිසුන් පස්දෙනකු ඇතුළු හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ එම පාසල් දැරියගේ දෙමාපියන් විසින් දැරිය සමඟ පැමිණ පොලිසියට සිදු කළ පැමිණිල්ලක් මත විමර්ශන කටයුතු ආරම්භ කර පැය කිහිපයක් ඇතුළත සැකකරුවන් හත්දෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි.

සමූහ දූෂණයට ලක් වූ බව කියන පහළොස් හැවිරිදි පාසල් දැරිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර වෛද්‍ය පරීක්‍ෂණයකට ලක් කිරීමට කටයුතු කළ බවත් පොලිසිය පවසනවා.

එලෙස සමූහ දුෂණයට ලක් වූ පාසල් සිසුවිය උපකාරක පන්තියකට සහභාගී වන බව නිවසට පවසා තම පෙම්වතා බව කියන පාසල් සිසුවා හමුවීම සඳහා ගොස් ඇති බවත් එම අවස්ථාවේ දී සැකකාර පෙම්වතා බව කියන සිසුවා විසින් දැරිය ද රැගෙන ඔහුගේ මිතුරෙකු සිටින හෝමගම – මාගම්මන ප්‍රදේශයේ නිවසකට ගොස් එම නිවසේ දී දැරිය දූෂණයට ලක් කර ඇති බවයි.

උදෑසන 9ත් පස්වරු 3ත් අතර පැය හයක කාලයක් ඇතුළත මාගම්මන ප්‍රදේශයේ නිවාස තුනකට රැගෙන ගොස් වින්දිත දැරිය සැකකාර පාසල් පෙම්වතා ඇතුළු ඔහුගේ මිතුරන් විසින් වරින්වර බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හෝමාගම ප්‍රදේශයේම පාසල්වල ඉගෙනුම ලබන පදිංචිකරුවන් වන වයස අවුරුදු 15ත් 16ත් අතර වන පාසල් සිසුන් පස්දෙනෙකු සහ ඔවුන්ගේ මිතුරන් බව කියන වයස අවුරුදු 17ත් 19ත් අතර වන තරුණයින් දෙදෙනෙක්.

සැකකරුවන් විසින් පාසල් දැරිය ප්‍රවාහනයට යොදාගත් යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හත්දෙනා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
2
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29