බ්‍රිතාන්‍යයේ දී බිරිඳ ඝාතනය කළ බව ශ්‍රී ලාංකික සැමියා පිළිගනී

පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී ලෝකෙම අවධානය යොමුවූ එංගලන්තයේ දී ශ්‍රී ලාංකික කාන්තාවක ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ඇයගේ සැමියා විසින් අධිකරණය හමුවේ වරද පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

37 හැවිරිදි වියේ පසුවන ඇයගේ සැමියා මීට පෙර එම ඝාතන චෝදනාව ප්‍රතික්ෂේප කළ ද පසුගියදා නිව්පොර්ට් ක්‍රවුන් අධිකරණයේ දී බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවට වැරදිකරු බව පිළිගෙන ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එහිදී විත්තිකාර සැමියාට නැමැත්තාට දඬුවම් ලබාදීම පෙබරවාරි මස 20 වනදා සිදුකිරීමට නිව්පොර්ට් ක්‍රවුන් අධිකරණයේ විනිසුරු ඩැනියල් විලියම් විසින් නියෝග කර තිබෙනවා.

ඔහු අතින් ඝානතයට ලක්වූ කාන්තාව මෙරට වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්.

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී 21 වනදා වේල්ස් හි කාඩිෆ් ප්‍රදේශයේ දී මෝටර් රථයක් අසළ මාර්ගයේ වැටී තිබූ ඇයගේ මළ සිරුර එරට පොලීසිය විසින් සොයා ගෙන තිබුණා.

පසුව අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ නිරික්ෂණය වී ඇත්තේ මෙය උල් ආයුධයකින් සිදුකළ දරුණු ප්‍රහාරයකින් සිදුවූ මරණයක් බවටයි.

මෙම යුවළ 2017 වසරේදී විවාහ වී ඇති අතර 2022 වසරේ දී පදිංචිය සඳහා එංගලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
8
+1
0
+1
3
+1
14
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?