පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී ලෝකෙම අවධානය යොමුවූ එංගලන්තයේ දී ශ්‍රී ලාංකික කාන්තාවක ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ඇයගේ සැමියා විසින් අධිකරණය හමුවේ වරද පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
37 හැවිරිදි වියේ පසුවන ඇයගේ සැමියා මීට පෙර එම ඝාතන චෝදනාව ප්‍රතික්ෂේප කළ ද පසුගියදා නිව්පොර්ට් ක්‍රවුන් අධිකරණයේ දී බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවට වැරදිකරු බව පිළිගෙන ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
එහිදී විත්තිකාර සැමියාට නැමැත්තාට දඬුවම් ලබාදීම පෙබරවාරි මස 20 වනදා සිදුකිරීමට නිව්පොර්ට් ක්‍රවුන් අධිකරණයේ විනිසුරු ඩැනියල් විලියම් විසින් නියෝග කර තිබෙනවා.
ඔහු අතින් ඝානතයට ලක්වූ කාන්තාව මෙරට වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්.
පසුගිය වසරේ අගෝස්තු මාසයේදී 21 වනදා වේල්ස් හි කාඩිෆ් ප්‍රදේශයේ දී මෝටර් රථයක් අසළ මාර්ගයේ වැටී තිබූ ඇයගේ මළ සිරුර එරට පොලීසිය විසින් සොයා ගෙන තිබුණා.
පසුව අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ නිරික්ෂණය වී ඇත්තේ මෙය උල් ආයුධයකින් සිදුකළ දරුණු ප්‍රහාරයකින් සිදුවූ මරණයක් බවටයි.
මෙම යුවළ 2017 වසරේදී විවාහ වී ඇති අතර 2022 වසරේ දී පදිංචිය සඳහා එංගලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා.



