බහාලුම් 323 ගැන සොයන විශේෂ කාරක සභාවේ විමර්ශන මාස 03කින් අවසන් කිරීමේ තීරණයක්

කොළඹ වරායේ සිට බහාලුම් 323ක් අනිවාර්‌ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සෑම බදාදා දිනකම පස්වරු 2.00 ට රැස්වී විමර්ශන කටයුතු සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

එම කාරක සභාව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාරගේ සභාපතීත්වයෙන් 2026.01.21 දින පළමුවරට රැස් වූ අවස්ථාවේ දී මෙම තීරණය ගනු ලැබුවා.

ඒ, අනුව කාරක සභාව 2026.01.28 වැනි බදාදා පස්වරු 2.00 ට නැවත රැස්වීමට නියමිතයි.

කාරක සභාවේ ඉදිරි කටයුතු සිදුකළ යුතු ආකාරය සහ කැඳවිය යුතු පාර්ශ්වයන් පිළිබඳ මූලික සාකච්ඡාවක් මෙහිදී පැවැත්වූ අතර, සාමාජික මන්ත්‍රීවරයන් ඒ පිළිබදව සිය අදහස් පළ කළා.

මාස තුනක් තුළ විමර්ශන කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන බව කාරක සභා සභාපතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?