ඩුබායි රාජ්‍යයේ රැඳීසිටිමින් මෙරට සංවිධානාත්මක අපරාධ ජාලය මෙහෙයවන ‘බස් ලලියා’ හෙවත් ලලිත් කන්නන්ගරගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන පුද්ගලයින් සිව්දෙනෙක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලැබුණු තොරතුරක් මත මාර්ග බාධක යොදා පරීක්ෂා කිරීම් සිදුකරමින් සිටිය දී මාර්ග බාධකය මඟහැර පලා යාමට තැත් කිරීමේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.
පොලිස් විශේෂ කාර්ය බළකා හංවැල්ල යතුරුපැදි ඒකකය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.
එහිදී සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07යි මිලිග්‍රෑම් 500ක් සොයාගෙන තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
1
+1
+1
+1
+1





