Empty Ad
AFC Banner
Empty Ad

බස් රථ දෙකක් එකිනෙක ගැටෙයි – 16ක් රෝහල්ගත කෙරේ (වීඩියෝ)

හබරණ – පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය – 07 කණුව දේවාල පල්ලම ප්‍රදේශයේ දී සිදු වූ බස් රථ අනතුරකින් තුවාල ලැබූ 16 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

අද (29) දහවල් මෙම අනතුර සිදු ව ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

බදුල්ල සිට යාපනය බලා ධාවනය වෙමින් පැවති ලංගම ට අයත් බස් රථයක් සහ කටුනායක කර්මාන්ත ශාලාවක සේවක පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටී තිබෙනවා.

කටුනායක කර්මාන්තශාලාවේ සේවකයෙකුගේ අවමංගල උත්සවයකට සහභාගි වීම සඳහා දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයට ගොස් ඇති එක් බස් රථයේ මගීන් ලෙස 35 දෙනෙකු ගමන් කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයින් රැගත් බස් රථයේ සිටි සේවකයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ වන බවත් වාර්තා වනවා.

එමෙන්ම තුවාල ලැබූ සෙසු මගීන් ලංගම බස් රථයේ ගමන් කළ මගීන් බවත් මේ වන විට තුවාලකරුවන් පොළොන්නරුව සහ හබරණ රෝහල් වෙත ඇතුළත් කර ඇති බවත් වාර්තා වනවා.

අනතුරට හේතුව බස් රථ දෙකම අධික වේගයෙන් ධාවනය කිරීම බවයි මින්නේරිය රථ වාහන පොලිසිය පැවසුවේ.

ලංගම බස් රථයේ රියදුරු ද තුවාලකරුවන් අතර සිටින බවත් පෞද්ගලික බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වනවා.

මෙම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් රෝහල්ගත කිරීමට මාර්ගයේ ගමන් කරමින් සිටි විදේශිකයින් ද එක් වන අයුරුයි වාර්තා වූයේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?