බස් රථවලින් ගමන් යන අයට අසුබ පුවතක්

ඉන්ධන හිඟවීම් සහ නොමැතිවීමේ ගැටලුව නිසා දිවයින පුරා බස් රථ ධාවනය 10% ක් දක්වා අඩු කිරීමට සිදුවෙන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මාධ්‍යයට පවසනවා.

හෙතෙම වැඩි දුරටත් සඳහන් කලේ තවදුරට ත් ඉන්ධන නොමැති වුවහොත් සම්පූර්ණයෙන් ම බස් රථ ධාවනයෙන් ඉවත්වීමට සිදුවනු ඇති බවයි.

කෙසේ නමුත් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා නම් සඳහන් කලේ ලංගම බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි සිදු කිරීමට හැකියාව පවතින බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමා සඳහන් කර සිටියේ ඉදිරි දින කිහිපයේ ලංගම බස් රථ ධාවනයට අවශ්‍ය ඩීසල් සංචිත ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ තුළ පවතින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !