ඉදිරියේදී පොදු ප්‍රවාහනයේ යෙදෙන බස් රථ සඳහා එම බස් රථ ධාවනය අනුව ඉන්ධන කෝටාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා.
ප්‍රවාහන නියාමන ආයතන මඟින් බලපත්‍රලාභී සහ පොදු ප්‍රවාහනයේ යෙදෙන සියලු බස් රථ සඳහා මෙම කෝටාව ලබාදීමටයි සැලසුම්කර ඇත්තේ.
මහාමාර්ග අමාත්‍යාංශයේ අද (19) පැවති විශේෂ සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබෙනවා.
මේ අතර මාර්ග බලපත්‍ර සහිත බස් රථ සඳහා ලංගම ඩිපෝ සහ හඳුනාගත් ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබාදීමට මෙහිදී තීරණය කෙරනු බවයි වාර්තා වුණේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කළේ ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමේදී පොදු ප්‍රවාහනයට ප්‍රමුඛතාවය ලබාදෙමින් කටයුතු කිරීමට සාකච්ඡා කර ඇති බවයි.
මෙම විශේෂ සාකච්ඡාවට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ අමාත්‍යාංශ නිලධාරීන් එක්ව සිටියා.




