බස් රථවලට ඉන්ධන ලබාදීමේ දී විශේෂ වැඩපිළිවෙලක්

ඉදිරියේදී පොදු ප්‍රවාහනයේ යෙදෙන බස් රථ සඳහා එම බස් රථ ධාවනය අනුව ඉන්ධන කෝටාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

ප්‍රවාහන නියාමන ආයතන මඟින් බලපත්‍රලාභී සහ පොදු ප්‍රවාහනයේ යෙදෙන සියලු බස් රථ සඳහා මෙම කෝටාව ලබාදීමටයි සැලසුම්කර ඇත්තේ.

මහාමාර්ග අමාත්‍යාංශයේ අද (19) පැවති විශේෂ සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබෙනවා.

මේ අතර මාර්ග බලපත්‍ර සහිත බස් රථ සඳහා ලංගම ඩිපෝ සහ හඳුනාගත් ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබාදීමට මෙහිදී තීරණය කෙරනු බවයි වාර්තා වුණේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කළේ ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමේදී පොදු ප්‍රවාහනයට ප්‍රමුඛතාවය ලබාදෙමින් කටයුතු කිරීමට සාකච්ඡා කර ඇති බවයි.

මෙම විශේෂ සාකච්ඡාවට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ අමාත්‍යාංශ නිලධාරීන් එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් වාළුකාරාම විහාරයට ගිහින් කළ කතාව - ඉතා අමාරු කාලයක තමයි අපි වැඩ කටයුතු කළේ
04:23
Video thumbnail
විභාග වංචාවන්ට සම්බන්ධ කටයුතු නම් කරන්න එපා ! - උසස් පෙළ විභාගය ගැන විශේෂ ප්‍රකාශයක්
22:22
Video thumbnail
ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක් - කිසිදු දෙමාපියෙකුට මධ්‍යස්ථානයට එන්න බැහැ
06:20
Video thumbnail
සජිත්ගෙන් විශේෂ ප්‍රතිඥාවක් - අප පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය සුරක්ෂා කරනවා
03:36
Video thumbnail
එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන් අපිට - පශු වෛද්‍යවරුන්ගේ විශාල හිඟයක් තියෙනවා
08:49
Video thumbnail
පාස්කුවට සමාන කරලා දිට්වා ගැන හෙළිකරපු දේ - දැන් රාජ්‍ය නිලධාරින්ට ම#ණ දඬුවම් කන්න වෙලා
07:25
Video thumbnail
පවතින කාලගුණය නිසා ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගවලට විශේෂ මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරයි
05:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27