බස් රථයක බැටරි කාමරයේ දොර ගැලවී මහ මඟ සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට

කොළඹ – හැටන් ප්‍රධාන මාර්ගයේ තැඹිලියාන ප්‍රදේශයේ දී කොළඹ දෙස සිට නුවරඑළිය දෙසට ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක බැටරි කාමරයේ දොර විවෘත වී මාර්ගයේ රැඳී සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ (22) දහවල් කාලයේ සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 59ක් වූ දෙහිඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුර සිදුකළ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, දෙහිඕවිට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?