බස් රථයක් පාපැදියක ගැටී අයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

යාපනය – මන්නාරම ප්‍රධාන මාර්ගයේ පල්ලමඩු ප්‍රදේශයේ ඊයේ (19) රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුරින් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පොලිසිය පැවසූවේ කුඩා බස් රථයක් හා පාපැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ 42 හැවිරිදි වියේ පසුවන අයෙක් අවන අතර, තුවාල ලැබූ පුද්ගලයා 45 හැවිරිදි වියේ පසුවන අයෙක්.

තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට මන්නාරම රෝහල ඇතුළත්කර ප්‍රථිකාර ලබනවා.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අඩම්පන් පොලිසිය මඟින් සිදුකරනවා.

Mannar Accident 2
Mannar Accident 1
Mannar Accident 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?