logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

බස් මගීන්ගේ රන් භාණ්ඩ කොල්ලකෑම රස්සාව කරගත් කතුන් හතරක් අල්ලයි

රාත්‍රී කාලයේ බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ රන් භාණ්ඩ ඇතුළු වටිනා භාණ්ඩ සොරාගන්නා කාන්තාවන් කල්ලියක් කන්තලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස් රථයක ගමන් ගත් මගී කාන්තාවක් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව කාන්තාවන් සිව්දෙනෙක් අද (18) උදෑසන මෙලෙස මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

හම්බන්තොට සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ රාත්‍රී බස් රථයක සිටි කාන්තාවකගේ රුපියල් ලක්ෂ දහයකට වඩා වටිනාකමකින් යුත් රන් භාණ්ඩ නැති වූ ඇති බවට ඇය විසින් කන්තලේ පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

බස් රථයේ දී තමන් ළඟින් වාඩි වූ තවත් කාන්තාවක් විසින් තමන්ට නිද්ද ගිය පසු තම ගමන් මල්ලේ තිබූ රත්තරන් බඩු සොරාගෙන ඇති බවයි එම කාන්තාව පොලිසිය පවසා ඇත්තේ.

රණ භාණ්ඩ සොරාගත් කාන්තාව සමඟ තවත් කාන්තාවන් තිදෙනක් කන්තලේ නගරයෙන් බැස ඇති බවට කරුණු අනාවරණය වී ඇති අතර, ඒ අනුව පොලිස් ජංගම රථ යොදා සිදුකළ සෝදිසියක දී ඔවුන් සිව්දෙනා අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු කාන්තාවන් අවුරුදු 21, 23, 30 සහ 40 යන වයස් සීමාවල පසුවන තැනැතියන් වන අතර ඔවුන් පුත්තලම ප්‍රදේශයේ පදිංචිකාරිනියන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

මොවුන් විසින් දුරගමන් බස් රථවලට නැඟ ඒවායේ ගමන් ගන්නා මගීන්ගේ වටිනා භාණ්ඩ සොරකම් කිරීම වෘත්තියක් ලෙස කලක සිට සිදුකරගෙන ගොස් ඇති බවට අනවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාරියන් අද (18) දින කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබෙට ආපු අලුත්ම හෝඩුවාව... #sjb #ranilwickremesinghe
15:30
Video thumbnail
කෙහෙළියගේ කැදැල්ලට පාත්වුණ බාල්දිය #keheliyarambukwella #shortsvideo #viralnews
00:24
Video thumbnail
"යාළුවෝ බොමු කිව්ව ගමන් හැම ඇල්කොහොල් එකක්ම බොන්න එපා" - හදිසියේම ජනතාව වෙත විශේෂ දැනුම්දීමක්
03:37
Video thumbnail
පාරට ඇල්ලුව ගල් Missing..."අපිට පාර මඩවෙලා නිසා ඉස්කෝලේ යන්න විදියක් නෑ" #padukka
03:13
Video thumbnail
Dasatha “පිටුවෙන් පිටුව” – LIVE | 2024-07-04
01:05:54
Video thumbnail
රේගුවේ සද්දෙට රජය බයවෙයි...#custom #ranilwickremesinghe
04:10
Video thumbnail
සජිත් විශේෂ සමුළුවක් කැඳවයි - "පළමුවත්, දෙවනුවත්, තුන්වෙනුවත් Education" #education#sajithpremadasa
01:58
Video thumbnail
රටම කතාවූ පෙත්සමේ නොදන්නා කතාව...#ranilwickremesinghe
04:35
Video thumbnail
දසත සවස 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 6.25 PM LIVE | 2024-07-04 | Dasatha News
36:30
Video thumbnail
ප්‍රසන්නගේ කටින් පැන්න පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා...#slpp #prasannaranathunga #president
01:02

?