බස් මගීන්ගෙන් සොරකම් කළ දුරකථන 43ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

දේපළ සොරකම් රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු සොරකම් කල ජංගම දුරකථන 43ක් සමග ප්‍රදේශ දෙකකදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බඩෝවිට සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවලදීයි මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැණුනේ.

රාත්‍රී කාලයේ නිවෙස් බිඳ දේපළ සොරකම් කිරීම සහ බස් රථවල ගමන් කරන පුද්ගලයන්ගේ ජංගම දුරකථන සොරකම් කිරීම සම්බන්ධයෙන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය විසින් ග්‍රෑන්ඩ්පාස් ඩි මෙල්වත්ත ප්‍රදේශයේදීයි.

ලැබුණු තොරතුරකට අනුව ඊයේ දහවල් එම වැටලීම සිදුකර තිබුණා.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ අවිස්සාවේල්ල, හංවැල්ල, කිරිබත්ගොඩ, මිරිහාන, මීගමුව, බියගම, පුස්සැල්ල සහ කිරුළපන පොලිස් වසම්වල මෙවැනි සොරකම් කිරීමේ සිදුවීම් 11කට අවශ්‍ය කරන අයෙක් බවටයි.

එම පුද්ගලයා සොරකම් කළ දේපළවලින් ලැප්ටොප් පරිගණක 04ක්, ජංගම දුරකථන 29ක් සහ ටැබ් පරිගණක 03ක් සොයාගෙන තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි සැකකරු සහ දේපළ ඉදිරි විමර්ශන සඳහා ඉදිරිපත් කර ඇත්තේ මිරිහාන පොලිසියටයි.

සැකකරු අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේදී ද දේපළ සොරකම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඊයේ උදෑසන හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 100ක් සමග මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ බස් රථවල ගමන් කරන පුද්ගලයන්ගේ ජංගම දුරකථන ඇතුලු දේපළ සොරකම් කිරීමට සම්බන්ධ අයෙක් බවටයි.

ඔහු සොරකම් කරන ලද දේපළවලින් ජංගම දුරකථන 14ක්, රන් පැහැති මුදුවක්, මාලයක් සහ පෙන්ඩනයක් සොයාගෙන තිබෙනවා.

37 හැවිරිදි සැකකරු පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඉදිරි විමර්ශන සඳහා ගල්කිස්ස පොලිසියට ඉදිරිපත් කර ඇති සැකකරු අද ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?