AFC Banner
AFC Banner
Empty Ad

බස්රථයක්, කාර් රථයක් යටකරගෙන රෙදි සාප්පුවකට කඩා වදී.. තිදෙනෙකුට බරපතලයි..

යාපනය ඉලුප්පයිඅඩි මන්සන්ධියේදී ලංගම බස්රථයක් කාර් රථයක්ද යටකරමින් වෙළඳසැලක් තුලට කඩා වැදීම හේතුවෙන් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කල බවට යාපනය පොලීසිය පවසයි.

බස්රථය ඉලුප්පයිඅඩි මන්සන්ධියේදී අධික වේගයකින් පැමිණ ඇඟලුම් වෙළළඳසැලක් අසල තිබූ කාර් රථයක්ද අනතුරට ලක්කරමින් දුරකතන සහ විදුලි කනුවකද ගැටීමෙන් ඇඟලුම් වෙළළඳසැල තුලට කඩා වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට අනාවරනය වී ඇත.

එහිදී බස් රථයේ රියදුරු, කාර් රථයේ රියදුරු සහ ඇඟලුම් වෙළළඳසැල ඉදිරියේ නිදාගෙන සිටි තවත් පුද්ගලයෙකු අනතුරින් බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇත.

අනතුර හේතුවෙන් බස් රථයට, කාර් රථයට, ඇඟලුම් වෙළළඳසැලට, දේපල රැසකට හානිසිදුව ඇති අතර අනතුරට හේතුව බස් රථයේ රියදුරුගේ නොසැලිකිලිමත් රිය ධාවනයද යන්න පිළිබඳව සෙවීමට පරික්ෂණයක් අරඹා ඇතයි යාපනය පොලීසිය වැඩි දුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?