බස්රථයක්, කාර් රථයක් යටකරගෙන රෙදි සාප්පුවකට කඩා වදී.. තිදෙනෙකුට බරපතලයි..

යාපනය ඉලුප්පයිඅඩි මන්සන්ධියේදී ලංගම බස්රථයක් කාර් රථයක්ද යටකරමින් වෙළඳසැලක් තුලට කඩා වැදීම හේතුවෙන් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කල බවට යාපනය පොලීසිය පවසයි.

බස්රථය ඉලුප්පයිඅඩි මන්සන්ධියේදී අධික වේගයකින් පැමිණ ඇඟලුම් වෙළළඳසැලක් අසල තිබූ කාර් රථයක්ද අනතුරට ලක්කරමින් දුරකතන සහ විදුලි කනුවකද ගැටීමෙන් ඇඟලුම් වෙළළඳසැල තුලට කඩා වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට අනාවරනය වී ඇත.

එහිදී බස් රථයේ රියදුරු, කාර් රථයේ රියදුරු සහ ඇඟලුම් වෙළළඳසැල ඉදිරියේ නිදාගෙන සිටි තවත් පුද්ගලයෙකු අනතුරින් බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇත.

අනතුර හේතුවෙන් බස් රථයට, කාර් රථයට, ඇඟලුම් වෙළළඳසැලට, දේපල රැසකට හානිසිදුව ඇති අතර අනතුරට හේතුව බස් රථයේ රියදුරුගේ නොසැලිකිලිමත් රිය ධාවනයද යන්න පිළිබඳව සෙවීමට පරික්ෂණයක් අරඹා ඇතයි යාපනය පොලීසිය වැඩි දුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?