spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බස්නාහිර, වයඹ සහ හම්බන්තොටට නව ආර්ථික කලාප

බස්නාහිර, වයඹ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය ආශ්‍රිතව නව ආර්ථික කලාප ඇති කිරීමට සැලසුම්කර ඇති බව 2023 අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහා පැවසුවා.

ඒ, අනුව එම ආර්ථික කලාපයක් අක්කර දහසකට වඩා වැඩි විය යුතු බවයි ඔහු සඳහන් කළේ.

එම ආර්ථික කලාප තුළ කෘෂිකර්මය සහ සංචාරක සංවර්ධනය කිරීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා යෝජනා කර සිටියේ.

මේ වනවිට විවිධ ආයතන යටතේ ක්‍රියා ක්‍රියාත්මක කෙරෙන ආයෝජන සහ නිෂ්පාදන කලාප ද මෙම නව කලාපයන් තුළට ඇතුළත් කෙරෙන අතර ඒ සඳහා පවතින නීති සංශෝධනය කිරීමට ද අවදානය යොමුව තිබෙනවා.

මෙම වැඩසටහන් සඳහා රුපියල් මිලියන 300ක මුදලක් වෙන්කර ඇති බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

එමෙන්ම රජයේ රෝහල්වල ගෙවීමේ වාට්ටු ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීමට ද මෙවර අයවැයේ දී යෝජනා වුණා.

මේ අතර 2023 ජනවාරි පළමු වනදා සිට සෙස් බද්ද, වරාය හා ගුවන් තොටුපොළ බද්ද අදියර පහකින් මුළුමනින්ම ඉවත්කිරීමට යෝජනා කරන බවයි 2023 අයවැය කතාවේ දී ජනාධිපතිවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?