බසය පදවන අතරේ රියදුරු නොදැනීම මරු තුරුළට

නුවරඑළිය සිට නාවලපිටිය දක්වා ධාවනය වූ ලංගම බස් රථයේ රියදුරු අද (16) රිය අසුනේදීම මියගොස් තිබෙනවා.

ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ පවත්වා ඇති අතර එහිදි රියදුරා මියයාම සම්බන්ධයෙන් විවෘත තින්දුවක් ලබාදෙමින් රියදුරාගේ ශරිරයේ කොටස් කිහිපයක් රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කර සිරුර ඥාතින් වෙත භාරදීමට විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා පියවර ගෙන ඇත.

මෙලෙස ධාවනය වෙමින් තිබූ බස් රථය තුළදීම ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නාවලපිටිය ලංගම ඩිපෝවේ සේවය කරමින් සිටි සුරංග අරුණසිරි අත්තනායක නැමති 39 හැවිරිදි අයෙකි.

නුවරඑළිය සිට දිඹුල පතන හරහා නාවලපිටිය දක්වා ඊයේ (15) පස්වරුවේ ධාවනය වූ බස් රථය හදිසියේ කාර්මික දෝෂයකට ලක්වීම නිසා එම බස් රථයේ ගමන් ගත් මගීන්ව වෙනත් බස් රථයකට මාරු කිරීමට බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර පියවර ගෙන තිබුණා.

ඉන්පසු ඔවුන් දෙදෙනා එක්ව බස් රථයේ කාර්මික දෝෂය යථා තත්ත්වයට පත් කර යළිත් බස් රථය නාවලපිටිය දක්වා ධාවනය කරවන අවස්ථාවේදී රියදුරුට ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබෙනවා.

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ලිදුල ෆාමස්ටන් ප්‍රදේශයේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

බස් රථය අනතුරට පත්වීමත් සමග බස් රථයේ කොන්දොස්තරවරයා රියදුරුට කතා කර ඇති අතර එය නෑසුනාක් මෙන් රියදුරු අසුන මතම වැතිරී සිටි නිසා කොන්දොස්තරවරයා විසින් ඒ පිළිබදව ලිදුල පොලිසිය වෙත දැනුම් දී තිබෙනවා.

ඉන්පසු පොලිසිය එම ස්ථානයට පැමිණ රියදුරුව අසුනෙන් ඉවත් කර ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර එහිදී වෛද්‍යවරුන් පවසා ඇත්තේ රියදුරු මියගොස් ඇති බවයි.

බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා පමණක් ගමන් කර ඇති බවත්, අනතුරෙන් බස් රථයට සහ මාර්ගයේ ආරක්ෂිත වැටට දැඩි අලාභ හානි සිදු වී ඇති බවත් පොලීසිය පවසනවා.

මරණය සහ අනතුර සම්බන්ධයෙන් ලිදුල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
6
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත් වාහනයක් ගන්න මිනිස්සු හොයාගෙන එන විශ්වාසය දිනූ එකම තැන Intimate Lanka (PVT) LTD
Video thumbnail
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ කළ ප්‍රධාන මාර්ග බැලිමට NBRO නිලධාරින් එයි
03:13
Video thumbnail
මාලිමාවට හරිනි හිසරදයක් වෙලා - පැලවත්තෙන් තමයි රට පාලනය කරන්නේ
17:06
Video thumbnail
බන්ධනාගාරය අපරාධකායෝ බිහිකරන ෆැක්ටරියක්..ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පතිගෙන් ප්‍රබල හෙළිදරව්වක්
14:02
Video thumbnail
"අපේ බහුතරය අපි සහතික කළා"කොළඹ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට
08:17
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
00:34
Video thumbnail
බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ බෝ#බ බියක්..කාර්යාලයේ නිලධාරින් ඔක්කොම ඉවත් කරයි
01:02
Video thumbnail
දිට්වා කරපු විනාශය නිසා සිරවී තිබෙන දුම්‍ රිය..හදිස්සියට ලෙඩෙක්වත් අරන් යන්න බැහැ..ගොඩක් අසරණවෙලා
08:28
Video thumbnail
ජෝශප් ස්ටාලින් ආණ්ඩුවට කඩේ යනවද..?තීරණ ගන්න බලපෑම් කරන්නේ අපි..ආණ්ඩුව තීරණ ගන්නේ..
11:34
Video thumbnail
"අනේ..පව්..යං පුතේ අලියා බය කරන්න"..බුත්තල - කතරගම මාර්ගයේ වන අලියෙකු වෑන් රථයකට ප#ර දෙන අයුරු
00:54


?