spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බසයක සිටි මගීන් 50කට වැඩි පිරිසකගේ ජීවිත බේරාගත් කෝප්‍රල්වරයා යුද හමුදාධිපති අගයයි

මහනුවර සිට මහියංගනය දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් ප්‍රපාතයකින් පෙරළී සිදුවීමට ගිය අනතුරක් වළක්වාගෙන මගීන් 50කට අධික සංඛ්‍යාවකගේ ජීවිත බේරාගැනීමට ක්‍රියාකළ යුද හමුදා සාමාජිකයා යුද හමුදාපතිවරයා විසින් ඇගයීම ලක් කළා.

මෙලෙස ඇගයීම ලක් වුණේ ශ්‍රී ලංකා පාබල හමුදාවව අනුයුක්තව සේවය කරන කේ.එම්.බී.ආර්.කේ.එල් කරුණාරත්න නම් කෝප්‍රල්වරයායි.

යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේගේ උපදෙස් මත මෙම කෝප්‍රල්වරයා යුද හමුදාධිපති කාර්යාලයට කැදවා ඔහුට ඊයේ (01) යුද හමුදාධිපති ප්‍රශංසනාත්මක ලාංඡනය පිළිගන්වනු ලැබුවා.

මහනුවර සිට මහියංගනය දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් උඩුදුම්බර ප්‍රදේශයේ දී බස් රථය වංගුවක් හැරවීමට උත්සාහ කරන ගත් අවස්ථාවේ දී එහි රියදුරු, රියදුරු අසුනෙන් ඉවතට විසි වී ගොස් ඇති බවයි වාර්තා වුණේ.

එහිදී බස් රථය රියදුරු නොමැතිව ඉරිදියට ධාවනය වී ඇති අතර, එම අවස්ථාවේ දී බස් රථයේ සිටි අදාළ කෝප්‍රල්වරයා වාහම රියදුරු අසුනට ගොස් මහත් පරිශ්‍රමයක් දරා පාලනයෙන් ගිලිහී තිබූ බස්රථය නවතා ගැනීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව සිදුවන්නට ගිය මහා විනාශක් වැළකී ගිය බවයි එහි හමන් ගත මගීන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
140
+1
9
+1
55
+1
7
+1
6
+1
11
+1
15
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?