බවුසර්කරුවන් ඇමතිටත් බය නැහැ වගේ ද ?

මේ වන විට තෙල් බවුසර් හිමියන්ගේ සහ බලශක්ති ඇමති කාංචන වීරසිංහ මහතා අතර යම් මත ගැටුමක් ඇති බව ලංකාවටම නොරහසක්.කෙසේ නමුත් ඇමතිවරයා ගත හැකි සියලුම ආකාරයේ බලතල පාවිච්චි කරමින් බවුසර් සේවයේ යොදවා ගැනීමට කටයුතු කරන බව අප ඊයේ සිටම නොයෙක් පුවත්වලින් දුටුවා.

ඒ අනුව ඇමතිවරයා විසින් තීරණය කර තිබුනේ ,

ඉදිරි දින දෙක තුළ සේවයට වාර්තා නොකරන ඉන්ධන බවුසර්වල බලපත්‍ර අහෝසි කිරීමට

සේවයට වාර්තා කරන බවුසර්වලට බාධාකරන පුද්ගලයන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට,

රජයේ බවුසර් උපරිමයෙන් ඉන්ධන බෙදාහැරීමට යෙදවීම,

පෞද්ගලික ඉන්ධන බවුසර්වලට ස්ථිර මිල සූත්‍රයක් යටතේ ගෙවීම් සංශෝධන කිරීම ආදී කාරනා රැසකින් සමන්විත මාර්ග උපදේශන මාලාවක් ක්‍රියාත්මක කිරීමටයි.නමුත් බවුසර් හිමියන්ගේ සංගම් වලින් ඒ සඳහා හොද ප්‍රතිචාරයක් ලැබුනා දෝ යන සැකය මතු කරමින් ඊයේ සවස්වරුවේ සිටම දිවයිනේ බොහෝ නගරවල තෙල් බෙදා හැරීමේ කටයුතු අඩපණ වෙමින් තිබුනා.

බොහෝමයක් පිරවුම්හල් වල තෙල් නැති බවට දැන්වීම් සවි කර තිබුනු අතර ඇතැමෙකුගෙන් විමසූ විට ඔවුන් තෙල් ලැබෙන නිශ්චිත දිනයක් පවා පැවසීමට අපොහොසත් වුණා.
වර්ජන , තර්ජන , ගර්ජන කෙසේ වුවත් අවසානයේ මහමඟ අසරණ වුණේ ඇමතිවත් බවුසර් හිමිකරුවන්වත් නොව එදාවේල සොයා යන ජනතාවම වීම දුකට කාරණාවකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?