බලු මස් කෑම ගැන කොරියාවේ නීති සංශෝධනය කෙරේ

මසට බල්ලන් මැරීම හා බලු මස් විකිණීම තහනම් කිරීමට නව නීති දකුණු කොරියානු පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඇත.මෙම නව නීති 2027 වර්ෂය වන විට ක්‍රියාත්මක කර, ශතවර්ෂ ගණනක් පුරාවට කොරියාවේ පැවති සුනඛ මාංශ අනුභවය අවසන් කිරීමට නියමිතය.

මේ අනුව, මසට බල්ලන් මරන පුද්ගලයන් හට වසර 3ක් දක්වා සිරදඬුවමක් හා මසට බල්ලන් ඇති කරන හෝ බලු මස් විකුණන පුද්ගලයන්ට වසර 2ක උපරිම සිරදඬුවමකද ලැබෙනු ඇත.කෙසේවෙතත්, බලු මස් අනුභව කිරීම නව නීති මගින් තහනම් නොවන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

සමහර වැඩිහිටි දකුණු කොරියානුවන් අතර “බොෂින්ටැං” නමින් හඳුන්වන සුනඛ මස් ඉස්ටුවක් ප්‍රණීත ආහාරයක් ලෙස සලකනු ලැබේ.

කෙසේවෙතත්, පසුගිය කාලය පුරාවට කොරියාවේ බලු මස් අනුභව කිරීම අඩුවී ඇති අතර, සුරතල් සතුන් ඇති කරන ලාබාල පරම්පරා අතර මෙය ජනප්‍රිය නොවන බවද ඒජන්සි වාර්තා වල දැක්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
QR එකේ ප්‍රශ්නය විසඳන්නේ නැතුව දැම්මේ ඇයි ? නලින්ද සියල්ල හෙළිකරයි..100%ක්ම හදලා ඉදිරිපත් කරන්න බෑනේ
04:36
Video thumbnail
මාලිමාව බහුජන බලයට බයයි - L බෝඩ් ආණ්ඩුවක් කියලා අපි කිව්වනේ
09:20
Video thumbnail
රාජපක්ෂලා, වික්‍රමසිංහලා ,ප්‍රේමදාසලාගේ සුද්දය නිසා ඉස්සර QR ආවේ..බිමල් සැරටම කිව්ව කතාව
04:54
Video thumbnail
පැය ගාණක් පෝලිමේ හිටියා - දැන් තෙල් නෑ
01:06
Video thumbnail
බම්බු තෙල් මට ඕනේ නෑ - මට කොටි ඩයස්පෝරාවෙන් දෙනවා
06:05
Video thumbnail
QR එක දෙන්න හේතු කියන්න බෑ..කිසිම දත්තයක් හරියට නෑ - අද ජනපති අනුර මාධ්‍ය අමතන බව සභානායක කියයි
05:02
Video thumbnail
අපේ ඇමතිව අපි ආරක්ෂා කරන්නේ නෑ
13:21
Video thumbnail
"තමන්ගේ වාහනයේ තනියම යන්නේ නැතුව කට්ටිය එකතුවෙලා යන්න" l Nalinda Jayatissa
02:24
Video thumbnail
බදාදා දිනය නිවාඩු දවසක් කළේ ඉන්ධන ඉතුරු කරගන්නද ? නලින්ද හෙළිකරයි
09:37
Video thumbnail
විපක්ෂයේ හොරු ඉන්නවා නම් අල්ලන්න - අලුත් හොරු ටිකත් අල්ලන්න
08:02