spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බලු පැටවා සොරාගෙන කුඩු බිව්ව කුඩ්ඩා අල්ලයි

පානදුර, බෙක්කේගම ප්‍රදේශයේ නිවසක සුරතලයට ඇති කළ ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ බලු පැටවෙකු සොරකම් කර එම සත්වයා රුපියල් පහලොස් දහසකට අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසනවා.

මොරටුව, කොරළවැල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැව්රිදි පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, මොහු තවත් අයෙකු සමඟ එක්ව මෙම සොරකම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් විසින් සොරකම්කරන ලෙස බලු පැටවා කොරළවැල්ල ප්‍රදේශයේ වෙනත් නිවසකට අලෙවිකර ලබාගත් මුදල්වලින් මත්කුඩු පානය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පානදුර, බෙක්කේගම ප්‍රදේශයේ නිවසක සුරතලයට ඇති කළ බලු පැටවෙකු සොරාගෙන ඇති බවට පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවල දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු සමඟ සොරකමට සම්බන්ධ අනෙක් පුද්ගලයා වෙනත් නඩුවක් සම්බන්ධයෙන් මේ වනවිට බන්ධනාගාර ගතව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
3
+1
3
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?