බලුකිස්තාන විමුක්ති හමුදාව හෙරොෆ් මෙහෙයුමේ දෙවැනි අදියර යටතේ, පසුගිය පැය දහය තුළ බලුකිස්තානයේ නගර 14 ක විවිධ ස්ථාන 48 කට ප්‍රහාර එල්ල කර තිබෙනවා.
පාකිස්තාන හමුදා, පරිපාලන සහ ආරක්ෂක ව්‍යුහයන් එකවර ඉලක්ක කර ගෙන මෙම ප්‍රහාරය දියත් කළ බව බලුච් විමුක්ති හමුදාව නිවේදනය කළා.
මෙම මෙහෙයුමේදී පාකිස්තාන හමුදා අංශ සාමාජිකයන් ඇතුලු 84 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සටන්කරුවන් මධ්‍යම හමුදා මූලස්ථානය ඇතුළු සතුරු මුරපොලවල් කිහිපයක් සාර්ථකව අත්පත්කර ගෙන ඇතැයි ද වාර්තා වනවා.
මෙහෙයුම අතරතුර, බැංකු, රජයේ කාර්යාල සහ බන්ධනාගාර ඇතුළුව රජයේ දේපළ 30 කට වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇති අතර ආරක්ෂ අංශ සතු වාහන 23ක් ද ගිනි තබා විනාශ කෙරුණා.













