බලුකිස්තානය පාකිස්තානයෙන් වෙන්වෙයි

දශක ගණනාවක් තිස්සේ කලාපයේ සිදු වූ ප්‍රචණ්ඩත්වය, බලහත්කාරකම්, අතුරුදන් කිරීම් සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් උපුටා දක්වමින් බලුච් නායකයා ලෙස හැඳින්වෙන මිර් යාර් බලුච් ඊයේ (14) පකිස්ථානයෙන් නිදහස ප්‍රකාශ කළා.

X හි සටහනක ඔහු කියා සිටියේ බලුකිස්තානයේ ජනතාව ඔවුන්ගේ “ජාතික තීන්දුව” ලබා දී ඇති බවත් ලෝකය තවදුරටත් නිහඬව නොසිටිය යුතු බවයි.

එමෙන්ම ඔහු ඉන්දියානු පුරවැසියන්ගෙන්, මාධ්‍ය, යූ ටියුබ් ඇතුළු සමාජමාධ්‍ය ක්‍රියාකරුවන් ඇතුළු ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ බලොචිස්තාන්, පාකිස්තානයේම කොටසක් ලෙස හැඳින්වීමෙන් වළකින ලෙසයි.

බලොචිස්තාන් තවදුරටත් පාකිස්තානය නොවන බවත්, බලෝචි ජනතාව වීදි බැස පාකිස්තානයෙන් වෙන්වීමේ සතුට පළකරන බවත් එහි දැක්වෙනවා.

පාකිස්තානයේ සමස්ත මුළු භූමි ප්‍රමාණයෙන් 44%ක්ම නියෝජනය වන්නේ බලොචිස්තාන් පළාතයි.

කෙසේ නමුත් බලොචිස්තාන් යනු පාකිස්තානයේ අඩුම ජනගහනයක් ඇති පළාත ද වනවා.

බලොචිස්තාන් කලාපය ඉරානය හා ඇෆ්ගනිස්තායට මායිම්ව තිබෙන ප්‍රදේශයක්.

බලොචිස්තාන් විමුක්ති හමුදාව නමැති බෙදුම්වාදී කණ්ඩායමක් කලක සිට පාකිස්තානු රජයන්ට එරෙහිව දැවැන්ත අරගලයක නිතරව සිටිනවා.

පසුගිය මාර්තු මාසයේ දී ක්වෙටා සිට පෙෂාවර් බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් පැහැරගෙන මගීන් 400කට ආසන්න පිරිසක් ප්‍රාණ ඇපයට ගනු ලැබුවේද මෙම විමුක්ති හමුදාව විසිනුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
9
+1
7
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?