බලාපොරොත්තු අත් නොහළ දසුන්

පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පැමිණීමේ බලාපොරොත්තුවක් තවමත් ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පවනවා.

ඊයේ (29) නවසීලන්තය සමඟ පැවති තරගයේ අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් දසුන් මේ බව සඳහන් කළා.

එහිදී දසුන් පවසා සිටියේ ඉතිරි තරග දෙක වඩාත් ඉහළ මට්ටමේ දළ ලකුණු වේගයකින් ජය‍ගෙන තරගවලියේ අවසන් පූර්ව වටයට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසුවන බවයි.

ඉතා දුෂ්කර කාලවලට තම කණ්ඩායම මිට පෙර මුහුණ දී ඇති බවත්, ඒ හේතුවෙන් දැන් සිටින ස්ථානයෙන් ඉදිරියට යා මේ හැකියාවක් තිබෙන බවට තමන්ට විශ්වාසයක් පවතින බවත් දසුන් එහිදී සඳහන් කර සිටියා.

නවසීලන්තය සමඟ පැවති තරගයේ පරාජයට ශ්‍රී ලංකා පන්දු රැකීමේ දුර්වලතා තීරණාත්මක සාධකයක් වූ බවයි ඔහු පවසා සිටියේ.

නවසීලන්තය සමඟ පැවති තරගය පරාජය වීමෙන් පසු ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ මේ වනවිට 05 වන ස්ථානයේ රැඳී සිටින අතර, -0.890ක දළ ලකුණු වේගයක් රඳවාගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
49
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?