බලශක්ති බාධාවන්ට ඔරොත්තු දීමට ඉන්දීය ආර්ථිකය ශක්තිමත් – මෝදි

ඉන්දීය ආර්ථිකයේ මූලිකාංග ශක්තිමත් බවත්, ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය නිසා ඇති වූ වෙළඳ සහ බලශක්ති බාධාවන්ට ඔරොත්තු දීම සඳහා රට තුළ ඛනිජ තෙල්, පොහොර සහ ගල් අඟුරු ප්‍රමාණවත් ලෙස ලබා ගත හැකි බවත් අගමැති නරේන්ද්‍ර මෝදි පවසනවා.

පසුගිය මාසයේ ආරම්භ වූ ගැටුම, ඉන්දියාවේ බොරතෙල් ආනයනයෙන් 40% ක් සිදු කෙරෙන හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම ඇතුළුව ගුවන් ගමන්වල සිට නැව්ගත කිරීම සහ ගෑස් සැපයුම් ඇතුලු අංශ රැසක් කඩාකප්පල් කර තිබෙනවා.

ඉන්දියාව සතුව ප්‍රමාණවත් ඛනිජ තෙල් ලබා ගත හැකි අතර, උපායමාර්ගික සංචිත දැනට මෙට්‍රික් ටොන් මිලියන 5.3 ඉක්මවන අතර, තවත් මෙට්‍රික් ටොන් මිලියන 6.5 ක සංචිත නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටින බව මෝදි ඊයේ (23) දිනයේ දී පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයට පවසා සිටියා.

ජුනි – ජූලි මාසවල ආරම්භ වන කෘෂිකාර්මික කටයුතු සඳහා පොහොර සැපයීම සඳහා ප්‍රමාණවත් විධිවිධාන සකස් කර ඇති අතර, උෂ්ණත්වය ඉහළ යන විට විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා ගල් අඟුරු සැපයීමට ද කටයුතු කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ප්‍රතිඥා දීලම ආණ්ඩුවට දැම්ම සැර සත්තම..ටෙලිකොම් එකේ ඉතුරු ටික මතකද ? ලිට්‍රෝ එක මතකද ?
08:52
Video thumbnail
අපිට තියෙන එකම විකල්පය සජිත් රටේ ජනාධිපති කරන එක..රාජ්‍ය සේවය වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කළේ අපි
02:39
Video thumbnail
ඉරාන මිසයිල ඉලක්ක බටහිරට හැරෙයි ද ?අමෙරිකාවේ සාකච්ඡා කුණු කූඩයට දමා යළි ඇවිලෙන හැටි..
09:04
Video thumbnail
දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක්..හැකි තරම් දියර ද්‍රව්‍ය පානය කරන්න
04:26
Video thumbnail
නැගෙනහිර පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන නැහැ..ආණ්ඩුවට කශේරුකාවක් නැද්ද ?
06:28
Video thumbnail
ඉදිරියේදී දැඩි ගෑස් අර්බුදයක් ? ගෑස් හිඟයක් තියෙනවා..ටෝකන් නිකුත් කරනවා
05:29
Video thumbnail
තෙල් වැඩි කළ හැටි ගැන ආණ්ඩුවෙන් කතා දෙකක්..කවුද ඇත්ත කියන්නෙ ? සුත්‍රයට තමයි - නෑ සුත්‍රයට නෙමෙයි
05:37
Video thumbnail
විදුලි භාවිතය අඩුකරන්න රාත්‍රී කාලයේ ලයිට් ඕෆ් කරනවා..?
02:11
Video thumbnail
ඇයි ඇයි වීඩියෝ කරන්න.. නවත්තන්න ඕක
01:04
Video thumbnail
ගෙවල්වල ඉන්ධන රැස්කරගෙන ඉන්න ඉඩ දෙන්න බෑ
02:45