මෙරට කර්මාන්තකරුවන්ට දෛනික විදුලි කප්පාදුවත් විදුලි මිල සංශෝධනය සහ ඉන්ධන සම්බන්ධයෙන් පවතින ගැටලු දැඩිව බලපා ඇති අතර කර්මාන්තකරුවන් සඳහා විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රය තුළින් ලබාදිය හැකි උපරිම පහසුකම් සලසා දීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා එකඟතාවය පළකර තිබේ.
අද (10) විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේදී කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කර ඇති බව කර්මාන්ත අමාත්‍යංශය පැවසීය.
කර්මාන්ත ක්ෂේත්‍රයේ මුහුණ පා ඇති මූල්‍යමය අභියෝග පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.













