බලශක්ති අර්බුදය ජය ගැනීමට නම් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ප්‍රචලිත කළ යුතුයි

නිපුණතාව වැඩි කිරීමෙන් නවෝත්පාදකයන් නව නිර්මාණකරුවන් බිහි වන බවත් බලශක්ති අර්බුදය ජය ගැනීමට නම් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ලංකාව තුළ ප්‍රචලිත කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය. ඒ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය” නව නිපැයුම්කරුවන්ගේ කොමිසම හා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඒක් ව සංවිධානය කරන ලද පුනර්ජනනීය තිරසර බලශක්තිය සම්බන්ධ නව නිපැයුම් හා නවෝත්පාදන ප්‍රදර්ශනයේ දෙවන දින ආරම්භක අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

“විදුලි බිල ඉහළ ගොස් ඇති මෙවැනි වෙලාවක අපට හැකි නම් පාසලක වහලය සූර්ය බලශක්තියට පරිවර්තනය කරන්න, ඒ පාසලේ විදුලිබිල ප්‍රශ්නෙ ඉවර වෙනවා. මේකට එක වරයි, ආයෝජනය කරන්න ඕනෙ. විහාරස්ථානවලත් මෙය කළ හැකියි.

අපට ඕන තරම් නවෝත්පාදන තියෙනවා. ගැටලූව වෙන්නෙ ඒවා ජාත්‍යන්තර මට්ටමට රැගෙන යාමයි. පසල් දරුවකු හෝ යම් පුද්ගලයකු නවෝත්පාදනයක් කළ පසු එය එතනින් ඉහළට ගෙන යෑම සඳහා ආයෝජනයක් හා ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙනවා.

ගැටලූව, එය නොමැති වීමයි. නවෝත්පාදන කොමිෂම ඒ සඳහා උදව් කරන අතර ඊට සහාය වීමට බැංකු ද අද ඉදිරිපත් ව තිබෙනවා. ලංකාවේ අද තිබෙන ප්‍රධාන ම ප්‍රශ්නය වන්නේ විදුලිබල බලශක්ති අර්බුදයයි. මේ බලශක්ති අර්බුදයයි, නවෝත්පාදනවලට ඉදිරියට යෑමට ඉඩක් නොමැති වීමයි කියන ප්‍රශ්න දෙක ම ජයගැනීමට හොඳ ම විසඳුම තමා, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් පුළුවන් තරම් ප්‍රචලිත කිරීම.

මොකද, ඒවා අපට ආනයනය කරන්න ඕනෙ නෑනෙ. සූර්යාලෝකය ආනයනය කරන්න ඕනෙ නෑ. සුළඟ, මුහුදු රළ, ජලය මේ සියල්ල ම එහෙමයි. එනිසා තිබෙන කාලීන අවශ්‍යතාවක් සපුරා ගැනීමට මේ වැඩපිළිවෙළ වැදගත් වෙනවා.ඒ වගේ ම නවෝත්පාදන කරන සැමදෙනා ම අපි දිරිගැන්විය යුතුයි. අපේ අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගයත් ඒ සඳහා ලබා දෙනවා.

අපේ තිබෙන විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය අනුව මොන දේ කරන්නත් විභාග සමත් වෙන්න ඕනෙ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන් පසු මේ මානසිකත්වය වෙනස් වේවි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණක් වන්නේ, විභාග බර අඩු කර නිපුණතාවලට (skills) ඇති තැන තව වැඩි කිරීමයි.

මේ නිපුණතා වැඩි කිරීමෙන් තමා නවෝත්පාදකයන්, නව නිර්මාණකරුවන් බිහි වන්නේ. අපේ රටේ නිර්මාණකරුවන් බිහි වුණත් වෙනත් රටවලට සාපේක්ෂ මට්ටමක නැත්තේ, මේ අධ්‍යාපන ක්‍රමයේ අවශ්‍ය වෙනස්කම් සිදු වී නොමැති නිසයි. මේ වෙනස සිදු කිරීම අපි ලබන අවුරුද්දෙ පටන්ගන්නවා. අවුරුදු 5ක් පමණ යන විට මේ වෙනස දරුවන්ටයි, රටටයි, ජනතාවටයි දැනේවි.මෙම උත්සව අවස්ථාවට බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍රා නිමල් වාකිෂ්ට මහතා ඇතුළු පිරිසක් එක් වූහ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25