‘බයිබලය’ යන වචනය භාවිත කළ බොලිවුඩ් නිළි කරීනා කපූර්ට නොතීසි

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් මහාධිකරණය විසින් බොලිවුඩ් නිළි කරීනා කපූර්ට නොතීසි නිකුත් කර තිබෙනවා.

ඒ, ඇය විසින් එළිදක්වා ඇති කෘතියක් සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සමකට අදාළවයි.

“Kareena Kapoor Khan’s Pregnancy Bible” (කරීනා කපූර් ඛාන්ගේ ගැබ්ගැනීමේ බයිබලය) නැමැති කෘතියට එරෙහිව මෙම පෙත්සම ගොනුකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම කෘතියේ නමට “බයිබලය” යන වචනය භාවිතා කිරීමට එරෙහිව නීතිවේදියෙකු අධිකරණයට කරුණු දැක්වීමෙන් පසුව කරීනා කපූර්ට මෙලෙස නොතීසි නිකුත් කර ඇති බව සඳහන්.

නීතීඥ ක්‍රිස්ටෝපර් ඇන්තනී විසින් ගොනුකර ඇති මෙම පෙත්සමෙන් අදාළ කෘතිය විකිණීම තහනම් කරන ලෙස ද අධිකරණය මඟින් ඉල්ලා තිබෙනවා.

මේ හේතුවෙන් අදාළ කෘතියේ අලෙවිකරුවන්ට නොතීසි ද නිකුත් කිරීමට අධිකරණය කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

කෘතියේ නමට “බයිබලය” යන වචනය භාවිත කිරීම ක්‍රිස්තියානි ප්‍රජාවගේ හැඟීම්වලට හානි කරන බවයි පෙත්සම්කරු නීතීඥ ක්‍රිස්ටෝපර් ඇන්තනී චෝදනා කර ඇත්තේ.

“බයිබලය ලොව පුරා ක්‍රිස්තියානි ධර්මයේ ශුද්ධ ග්‍රන්ථය වන අතර, කරීනා කපූර් ඛාන්ගේ ගැබ් ගැනීම, “බයිබලය” සමඟ සංසන්දනය කිරීම වැරදි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෙම ජනප්‍රිය නිළිය තම කෘතියේ සඳහා ලාභ ප්‍රසිද්ධියක් ලබාගැනීමට මෙම “බයිබලය” වචනය භාවිත කර ඇති බවත් පෙත්සම්කරුවා පවසනවා.

2021 වසරේ දී ප්‍රකාශයට පත් කරන ලද මෙම කෘතිය 43 හැවිරිදි කරීනා කපූර්ගේ ගර්භණී ගමන විස්තර කරන අතර, අනාගත මව්වරුන් සඳහා උපදෙස් සපයනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
8
+1
3
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?