AFC Banner
Empty Ad
Empty Ad

බයිඩ්න් පළමු දුරකථන සංවාදයේදීම පුටින්ට අනතුරු අඟවයි

අමෙරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩ්න් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර දුරකථන සාකච්ඡාවක් සිදුව තිබෙනවා. බයිඩ්න් ජනාධිපති ධුරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් පසුව රුසියානු ජනාධිපතිවරයා සමග සිදු කළ පළමු සාකච්ඡාව මෙය වනවා.

එහිදී 2016 වසරේ දී අමෙරිකා ජනාධිපතිවරණයට රුසියාව මැදිහත් වීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනා ගැන ව්ලැඩිමීර් පුටින්ට, බයිඩ්න් විසින් අනතුරු ඇඟවීමක් සිදු කර ඇතැයි ධවල මන්දිරය සදහන් කරනවා.

මෙම සංවාදයේ දී රුසියාවේ දැනට පවතින විපක්ෂ විරෝධතා පිළිබඳ සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

එසේම අමෙරිකා – රුසියා න්‍යෂ්ටික අවි ගිවිසුම දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇති බව සදහන්.

එසේම රුසියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ පුටින් ජනාධිපතිවරයා, නව අමෙරිකානු ජනාධිපතිවරයාගේ මැතිවරණය ජයග්‍රහණය සම්බන්ධයෙන් ද මෙහිදී සුබ පැතූ බවය.

දෙපාර්ශ්වයම පවසා ඇත්තේ සම්බන්ධතා ඉදිරියට ගෙන යාමට එකඟ වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?