බයිඩ්න් පළමු දුරකථන සංවාදයේදීම පුටින්ට අනතුරු අඟවයි

අමෙරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩ්න් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර දුරකථන සාකච්ඡාවක් සිදුව තිබෙනවා. බයිඩ්න් ජනාධිපති ධුරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් පසුව රුසියානු ජනාධිපතිවරයා සමග සිදු කළ පළමු සාකච්ඡාව මෙය වනවා.

එහිදී 2016 වසරේ දී අමෙරිකා ජනාධිපතිවරණයට රුසියාව මැදිහත් වීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනා ගැන ව්ලැඩිමීර් පුටින්ට, බයිඩ්න් විසින් අනතුරු ඇඟවීමක් සිදු කර ඇතැයි ධවල මන්දිරය සදහන් කරනවා.

මෙම සංවාදයේ දී රුසියාවේ දැනට පවතින විපක්ෂ විරෝධතා පිළිබඳ සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

එසේම අමෙරිකා – රුසියා න්‍යෂ්ටික අවි ගිවිසුම දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇති බව සදහන්.

එසේම රුසියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ පුටින් ජනාධිපතිවරයා, නව අමෙරිකානු ජනාධිපතිවරයාගේ මැතිවරණය ජයග්‍රහණය සම්බන්ධයෙන් ද මෙහිදී සුබ පැතූ බවය.

දෙපාර්ශ්වයම පවසා ඇත්තේ සම්බන්ධතා ඉදිරියට ගෙන යාමට එකඟ වන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
තොරණ් සහ වෙළෙඳසැල් කුඩු කරගෙන පලා ගිය වෑන් රථය - තොරණ් දෙකක් සහ වෙළෙඳසැල් දෙකක් විනාශයි
01:00
Video thumbnail
"සැලැස්ම පැහැදිලියිනේ දැන්.. ඔන්න පොලිස් බුද්ධි අංශයේ වැඩ"
00:25
Video thumbnail
මිග් යානා සිද්ධියට ප්‍රකාශයක් දෙන්න ගෝඨාභය FCIDයට එයි
01:12
Video thumbnail
5 දෙනෙක් රෝහලට යැවූ බිහිසුණු ලොරි - බස් අනතුර.. අනතුරට මුහුණ දුන් මිනිස්සු කිව්ව දේ
01:51
Video thumbnail
"ඔයා මොකක්ද අනේ හැමදාම මස්තබාල්දුව දානවා"
00:15
Video thumbnail
බිමල් - චාමර පාර්ලිමේන්තුවේ පැටලෙයි - මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ අදාලත් නෑ
06:51
Video thumbnail
චාමර උදෙන්ම පාර්ලිමේන්තුවේ යකා නටයි - කථානායක හැමදාම මස්ත බාල්දුව දාන්න එපා
03:11
Video thumbnail
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ගැන අජිත් කට අරියි - ඇයි 2026 කරපු ආයෝජන අඩුවෙලා ?
07:35
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04