Home උණුසුම් පුවත් | Hot News බඹරුන් දෂ්ඨ කළ පාසල් සිසුන් 37 දෙනෙක් රෝහල් ගතකෙරේ

බඹරුන් දෂ්ඨ කළ පාසල් සිසුන් 37 දෙනෙක් රෝහල් ගතකෙරේ

බඹරුන් දෂ්ඨ කළ පාසල් සිසුන් 37 දෙනෙක් රෝහල් ගතකෙරේ

බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරුන් දෙදෙනක් ඇතුළු පාසල් සිසුන් 37 දෙනෙක් අද (05) උදෑසන රෝහල්ගත කොට ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසනවා.

පාසල් කාලය අතරතුරදී විදුහලේ ගොඩනැගිල්ලක් තුළ තිබූ බඹර කූඩුවක් ඇවිස්සීම හේතුවෙන් බඹරුන් දෂ්ඨ කොට ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

බඹරුන් දෂ්ඨ කිරීමට ලක් වූ සිසු සිසුවියන් ඇතුළු පිරිස කිලිනොච්චිය දිසා රෝහල වෙත ඇතුළත් කොට තිබෙනවා.

පොලිසිය පැවසූයේ බඹරුන් දෂ්ඨ කළ සිසුන්ගේ හෝ ගුරුවරුන් දෙදෙනාගේ තත්වය බරපතල නොවන බවත් බොහෝ පිරිසක් කිලිනොච්චිය දිසා රෝහලෙන් ප්‍රථිකාර ලබා පිටවගොස් ඇති බවයි.

පාසල අවට තිබෙන බඹර කූඩු කිලිනොච්චිය ආපදා කළමනාකරන ඒ්කකය , යුද හමුදාව සමඟ එක්ව ඉවත් කිරීමට කටයුතු කරන බව කිලිනොච්චිය පොලිසිය පවසා සිටියා..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?