බම්බලපිටිය දුම්රිය ස්ථානයට මාස පහක් ඇතුළත නව පාලමක්

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ අබලන්ව ඇති මගී ගුවන් පාලම වෙනුවට නව පාලමක් කඩිනමින් ඉදිකරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.

මාස 5ක කාලයක් ඇතුළත මෙම නව ගුවන් පාලම ඉදිකරන ලෙසට දැනුම් දී ඇති අතර එම කාලය දක්වා තාවකාලික ප්‍රවේශ මාර්ගයක් දින 10ක් තුළ ඉදිකරන ලෙසටද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ. ද ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ දැනට ඇති ගුවන් පාලම කඩා ඉවත් කිරීමට උපදෙස් දී ඇති ජනාධිපතිවරයා හදිසි අවශ්‍යතාවක් සේ සලකා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවට අදාළ කාර්ය පවරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 50ක් වෙන් කිරීමට නියමිත බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?