බම්බලපිටියේ වෙඩි පත්තු කළ සුරාබදු නිලධාරීන්ට ඇප

බම්බලපිටිය ප්‍රදේශයේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනුණු සුරාබදු නිලධාරීන් සිව්දෙනා ඇප මත මුදාහැරීමට අධිකරණය නියම කර තිබෙනවා.

ඒ, අදාළ සුරාබදු නිලධාරීන් අද (08) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එක් එක් සැකකරුවෙකුටරුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්