බම්බලපිටියේ දරුණු රිය අනතුරක් – පහක් රෝහලේ

බම්බලපිටිය සමුද්‍ර මාර්ගයේ අද (06) අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

ලොරි රථයක් මාර්ගය අයිනේ නතර කර තිබූ මෝටර් රථ දෙකක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිසිය පවසන්නේ.

වැල්ලවත්ත දෙස සිට කොල්ලුපිටිය දෙසට ධාවනය වූ ලොරි රථයක් මෙලෙස මෝටර් රථ දෙකක ගැටී ඇති බවයි වාර්තා වුණේ.

මෝටර් රථ දෙකේ ගැටුණු ලොරි රථය පසුව දුම්රිය මාර්ගය දෙසට ධාවනය වී දුම්රිය පීලි මත නතර වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
2
+1
0
+1
1
+1
5
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?