“බබාලා 6 දෙනාම එළියට ගන්න ගියේ විනාඩි දෙකයි” සය නිවුන් දරුවන් එළියට ගත් දොස්තර කතා කරයි

අම්මෙක් තාත්තෙක් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ කොච්චර ආසාවෙන්ද?  වෙහෙර විහාරස්ථානවලට, පල්ලි පන්සල්වලට බාරහාර වෙලා දරුවො ඉල්ලන දෙමව්පියො අපට ඕනෙ තරම් හමුවෙලා තියෙනවා. 

සමහරු වසර ගණන් බලාගෙන ඉන්නවා. ඒත් කිරි හීනෙ ඉටු වෙන්නෙ නෑ. 

කිරි හීනයක් ඉටුවෙනවා කියලා කියන්නේ ඒ ගෙදර පුංචි මඟුල් ගෙදරකට ලෑස්ති වෙනවා වගේ, හරියට වැඩ රාජකාරි. 

අම්මලා තාත්තලාගෙ හීන පිරෙන්නෙ ආදරෙන්, ආච්චිලා සීයලා ඊටත් වඩා ආදරෙන් ලෑස්ති වෙනවා. 

වෛද්‍යවරුන්ටත් ලොකු රාජකාරියක් පැවරෙනවා. 

දරුවෙක් පිළිසිඳගත්ත දා ඉඳලා ඒ අම්මා ඒ වෙනුවෙන් පාරමිතා දහම් සම්පූර්ණ කරනවා. තාත්තෙක්ටත් එහෙමයි. 

හිතට බරක් වගේම හිත පිරිච්ච සතුටක් එක්ක පුංචි සිඟිත්තා ගෙදරට එන දවසට මුළු ගේම හරි ලස්සනයි. 

මේ කතා කරන්න යන්නේ එහෙම හීනයක් පුරෝගෙන ලෑස්ති වෙච්ච අම්මෙක්ටයි, තාත්තෙක්ටයි එක පැටියෙක් වෙනුවට පැටව් හය දෙනෙක්ම ගෙදරට කැඳවාගෙන එන්නට වාසනාව ලැබුණු එක ගැන.

මේ භාරදූර රාජකාරිය කිසිම බයක් සැකක් නැතුව තමන්ගෙ කර ගත්තේ  වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස්.

 

මේ විදියට දරුවො හය දෙනෙක් ඉන්නවා කියලා හඳුනා ගත්තේ ඔබතුමාද?

ඇත්තටම දරුවො එක්කෙනෙක්ද, දෙන්නෙක්ද, තුන්දෙනෙක්ද කියලා හඳුනාගන්න ලැබෙන්නේ ස්කෑන් පරීක්ෂාවකින්. අපි ඒ විදියට ස්කෑන් පරීක්ෂාව කළා. ඇත්තටම සති 12ට කලින් මගේ ළඟට ආවා. ඒ කරපු පළමු පරීක්ෂාවෙදිම මම හඳුනාගත්තා දරුවො හය දෙනෙක් ඉන්නවා කියලා. මම හිතන්නේ ඊට කලින් වෙන වෛද්‍යවරයෙක් ගාවටත් ඒ අය ගිහිල්ලා තිබුණා. ඒ වෛද්‍යවරයත් මේ විදියට දරුවො හය දෙනෙක් ඉන්න බව හඳුනාගත්තාය කියලා මට ඔවුන් කිව්වා. මම කරපු පරීක්ෂාවෙනුත් හය දෙනා හඳුනාගන්නවට අමතරව ඒ ඒ දරුවගෙ හෘද ස්පන්ධන වේගය කොහොමද කියන දේවල් හොයාගෙන ඒ දරුවො හය දෙනා කොහොමද ගර්භාෂය තුළ ඉන්නේ කියන එක මම වෙන වෙනම හඳුනාගත්තා. මොකද අපට මේ දරුවන්ව එක එක්කෙනාව වෙන වෙනම හඳුනාගැනීමට සිද්ධවෙනවා ඉදිරියට යනකොට. හේතුව අපට එක එක දරුවා සම්බන්ධව වෙන වෙනම ඒ ඒ වාර්තා ලබාගන්න ඕනෙ. ඒ නිසා මම මේ දරුවො හය දෙනා කුස තුළ ඉන්න විදිය හොයාගෙන එක එක්කෙනා වෙන වෙනම හඳුනාගත්තා. සමහර විට අපි ඊළඟ අවස්ථාවෙ බලනකොට අපට එක බබෙක්ව මිස් වෙන්න පුළුවන්. මේ නිසා එක එක බබාව වෙන වෙනම හඳුනාගෙන තියාගත්තා.

ඒ කියන්නේ වෛද්‍යතුමනි ඔබතුමා මුල් කාලෙදිම මේ දරුවො හය දෙනාව වෙන වෙනම හඳුනාගෙන තිබුණාද?

එහෙම නොවුණොත් මොනව හරි සංකූලතාවක් ආවොත් වැරදි බබෙක් හඳුනාගෙන අපි ඉස්සරහට යනවනෙ. ඒ නිසා මම මේ වෙනකොට දරුවො වෙන වෙනම හඳුනාගෙනයි තිබුණේ. ඒක තමයි මම මුලින්ම කළේ.

එක දරුවෙක් ලැබෙන්න ඉද්දිත් අම්මා තාත්තා විශේෂ වැඩ ගොඩක් කරන්න ඕනෙ. එතකොට මේ දරුවො හය දෙනෙක් ලැබෙන්න ඉන්නකොට මේ අම්මා තාත්තාට මොනවද කරන්න සිද්ධ වෙච්ච විශේෂ දේවල්?

ඇත්තටම පූර්ව ප්‍රසව සංරක්ෂණ ක්‍රම සාමාන්‍ය කෙනෙකුට විදියටමයි සිද්ධ කළේ. හැබැයි පෝෂණය ගැන වැඩිපුර හිතුවා. බබාලා හය දෙනෙක් ඉන්න නිසා. මාළු, බිත්තර වෙනම ෆෝමියුලා එහෙම වැඩිපුර දාලා එයාගෙ ආහාර වේල සකස් කරගන්න අපි උපදෙස් දුන්නා. ඒ කියන්නේ අපි සාමාන්‍ය අම්මෙක්ට වඩා පෝෂණය තුන් හතර ගුණයක් විතර වැඩි කළා. සාමාන්‍යයෙන් සංකූලතා ඇතිවීමේ සම්භාවිතව හුඟක් වැඩියි මෙහෙම දරුවො හය දෙනෙක් ඉන්නකොට. අපි ඒක නිසා සාමාන්‍යයෙන් එක දරුවෙක් ලැබෙන්න ඉන්න කොට අපි බලන්නේ මාසෙකට එක පාරක්. හැබැයි මේ අම්මාව මාසෙකට දෙපාර ගානෙ අපි මුල් කාලෙදි පරීක්ෂාවට ලක් කළා. අන්තිම සති දෙකේ මම මේ අම්මාව දවසින් දවස හැමදාම පරීක්ෂාවට ලක් කළා.

එතකොට මේ දරුවො ලෝකෙ එළිය දකින මොහොතෙ වෛද්‍යතුමාගෙ විශේෂ සූදානමක් තිබුණද?

ඔව්, එතැනදි අපි බැලුවෙත් ඇත්තටම දරුවො හය දෙනෙක් ඉන්න නිසා මොනවද ඇතිවෙන්න පුළුවන් සංකූලතා කියලා. දරුවො හය දෙනෙක් නිසා බ්ලීඩ් වීමේ හැකියාව බොහොම වැඩී. අපි ඒකට විශේෂයෙන් සූදානම් වුණා. අපි සාමාන්‍යයෙන් එක බබෙක් ඉන්නකොට සූදානම් කරගන්නෙ එක බ්ලඩ් පැක් එකක්. හැබැයි මේ වෙනුවෙන් බ්ලඩ් පැක්ස් 4ක් සූදානම් කරගත්තා. සාමාන්‍යයෙන් අපි එක දරුවෙක් ලැබෙන්න ඉන්නකොට නිර්වින්දන වෛද්‍යවරු එක්කෙනයි ඉන්නේ. බබාලා බලන්න ඉන්න වෛද්‍යවරු එක්කෙනයි ඉන්නේ. හැබැයි මේ අවස්ථාවෙ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරු තුන්දෙනෙක් අපි ගෙනාවා. ඒ වගේම ප්‍රධාන විශේෂඥ වෛද්‍යවරු, ඒ කියන්නේ ළමයි බලන වෛද්‍යවරු දෙන්නට අමතරව තවත් ජූනියර් ඩොක්ටර්ස්ලා හය දෙනෙක් අපි ගෙනාවා. ඒ කියන්නේ මේ එක බබාට එක්කෙනා ගානේ. සාමාන්‍යයෙන් එක බබෙකුට ඉන්නේ මිස්ලා තුන්දෙනා නම්, එක බබාට තුන්දෙනා ගානේ 18 දෙනෙක් අපි ගෙනාවා. එක බබෙක් මේ ලොකෙට ආපු ගමන් එයාව අපි හරියට බලන්න ඕනෙ. එයාව බලලා තව එක්කෙනෙක්ව බලන්න මාරුවෙන් මාරුවට ඒක කරන්න බෑ.

ඒ කියන්නේ වෛද්‍යතුමනි කණ්ඩායම් හයක් මේ සඳහා සූදානම් කළාද?

අපි එක බබාට එක කණ්ඩායම ගානේ කණ්ඩායම් 6ක් ලෑස්ති කළා. අපි 1,2,3,4,5,6 කණ්ඩායම් හයක් හැදුවා. ඒ කණ්ඩායම් හය හදලා වෙනම පෙර පුහුණුවීමක් කළා. ඒ කියන්නේ බෝනික්කො ගෙනල්ලා, කොහොමද මේ දරුවො ලැබුණාම එක කණ්ඩායමක් ඒක භාරගන්නේ. කොහොමද ඒ දරුවව එතැනින් පිටතට අරගෙන යන්නේ. මේ සියල්ලම අපි දරුවො ලැබෙන්න කලින් වෙනම ඩි්‍රල් එකක් කළා. මේ කණ්ඩායම් ටික එකතු කරගෙන. අපට පුළුවන් වුණා ඇත්තම බබාලා ලැබුණාම කොහොමද ඉම්පෲව් කරන්නේ කියලා. ඒ විදියට තමයි මේ වැඩේ කරගෙන ගියේ.

එතකොට වෛද්‍යතුමනි, මේ දරුවො හයදෙනාටම මේ ලෝකෙට එන්න පළමුවැනි දරුවාගෙ සිට හයවැනි දරුවා දක්වා කොච්චර කාල පරතරයක් තිබුණද?

හය දෙනාම ගන්න ගියේ විනාඩි දෙකයි.

දැන් මේ දරුවන්ගෙ තත්ත්වය කොහොමද? ඒ අය හොඳින් ඉන්නවද?

ඔව්. කිසි ගැටලුවක් නෑ. ඒ අය දැනට හොඳින් ඉන්නවා. කොහොමත් ගර්භණී කාලෙ කියලා කියන්නේ සති හතළිහයිනෙ. ඒත් අපි මේගොල්ලන්ව ගත්තේ තිස් එකෙන්. ඒ කියන්නේ සති 9ක් කලින්. සති 3ක් 4ක් වෛද්‍ය රැකවරණය යටතෙ ඉන්න වෙනවා. අපි ඉතින් ඒකට අවශ්‍ය කරුණු සූදානම් කරලා තියාගෙන ඉන්නවා.

ජීවන පහන් තිළිණ

තෑගිත් අරන් සය නිවුන් දරුවන් බලන්න ශිරන්ති රෝහලට යිය – Photos

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38
Video thumbnail
වන අලි කරදර නිසා දඹුල්ලේ මිනිස්සු කුපිත වී මහ පාරට බහියි - වනජීවි එක සම්පූර්ණ බොරු බයිලා ග#හන්නේ
06:42
Video thumbnail
ඇඟිල්ලේ තීන්ත ආලේපනය අහෝසි කිරීම නිසා විශාල මුදලක් ඉතිරි කරන්න පුළුවන් - පැෆ්‍ රල් සංවිධානය කියයි
10:28
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
08:41:22