තෑගිත් අරන් සය නිවුන් දරුවන් බලන්න ශිරන්ති රෝහලට – Photos

සය නිවුන් දරුවන්ගේ සහ ඔවුන්ගේ මවගේ සුව දුක් විමසා බැලීමට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ  දරුවන් සහ එම මව රැදී සිටින පුද්ගලින  රෝහල වෙත අද (25) පස්වරුවේ පැමිණ තිබිණ.

පසුගිය ඔක්තෝබර් 21 වැනිදා අලුයම දිලිනි වාසනා සහ ප්‍රභාත් උදයංග මරවනාගොඩ දෙමාපියන්දාව සය නිවුන් දරුවන් මෙලොව එළිය දුටු අතර ඔවුන් අතර පිරිමි දරුවෝ තිදෙනෙකු හා ගැහැණු දරුවෝ තිදෙනෙක් සිටිති.

සය නිවුන් දරුවන්ගේ සුව දුක් විමසූ අග්‍රාමාත්‍ය ආර්යාව  අනතුරුව ඔවුන්ගේ මාපියන් සමඟ සුහඳ කතාබහක නිරත වූ බව දැනගැනීමට ලැබිණි.

දරුවන් සහ මාපියන් වෙනුවෙන් ත්‍යාග පිරිනැමූ අග්‍රාමාත්‍ය ආර්යාව ඉදිරියේ දී ඔවුන් වෙනුවෙන් අවශ්‍ය ඕනෑම කටයුත්තක් වෙනුවෙන් මැදිහත් වන බව දැනුම් දුන්නාය.‍

පෙර පුවත් – සය නිවුන් දරුවන්ගේ පියා පළමු වරට මාධ්‍ය හමුවේ කියූ දේ

සය නිවුන් දරු උපතට පසු ලබාගත් ඡායාරූප මෙන්න



අපගේ නවතම වීඩියෝ පුවත්