බඳවා ගැනීම් අත්හිටුවයි..

රජය මුහුණ දී සිටින බරපතළ මූල්‍ය අර්බුදය හමුවේ රජයේ වියදම් දැඩි ලෙස සීමා කිරීමට තීරණය කර ඇති බව අද (31) පුවත්පත් වාර්තාවක් උපුටා දක්වමින් සඳහන් කළා.

කොවිඩ් වසංගතය හමුවේ ආර්ථිකය බරපතළ ගැටලුවකට මුහුණ දී ඇති බැවින් රජයේ අපේක්ෂිත ආදායම විශාල ලෙස පහතවැටී ඇති අතර ,මේ වසරේ පුනරාවර්තන වියදම් පියවාගැනිමට පවා එය ප්‍රමාණවත් නොවන බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇති බව පුවත්පත් වාර්තාවල සඳහන් වනවා.

මේ වසරේ පුනරාවර්තන වියදම රුපියල් කෝටි 2,69,400 ක් ලෙස ඇස්තමේන්තු කර ඇතත්, එන්නත්කරණය,සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු පුළුල් කිරීම ,සහනාධාර දීම ඇතුළු කටයුතු හේතුවෙන් පුනරාවර්තන වියදම තවත් වැඩිවනු ඇතැයි ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම්දී තිබෙන බව ද එම වාර්තා මගින් පෙන්වා දෙනවා.

රජයේ ප්‍රතිපාදන වෙන් වී ඇතත් මෙතෙක් ආරම්භ කර නොමැති ව්‍යාපෘති,මිලදී ගැනීම්,ගොඩනැගිලි ඉදිකිරීම්, ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම් ආදිය අත්හිටුවන ලෙස මුදල් අමාත්‍යාංශය අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇති බවද පුවත්පත් වාර්තාව මගින් සඳහන් කර තිබෙනවා.

සේවක බඳවා ගැනීම් සඳහා මූලික කටයුතු සිදු කර මෙතෙක් පත්වීම් ලිපි නිකුත් නොකළ, තනතුරු සඳහා බඳවා ගැනීම් අත්හිටුවීමට ද රජය තීරණය කර ඇති බව ද එහි දැක්වෙනවා.

සුභ සාධන කටයුතු සඳහා හඳුනාගෙන ඇති ප්‍රතිලාභී ලැයිස්තු නැවත සමාලෝචනය කර සහනාධාර අඩුආදායම්ලාභින්ට පමණක් සීමා කිරීමට ද තීරණය කර ඇති අතර අමාත්‍යංශ ලේකම්වරුන්ගේ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ අනුමැතිය මත, ගෙවනු ලබන වැටුප් නොවන දීමනා සහ බිල්පත් පියවීම් යනාදිය නැවත සමාලෝචනය කර, සේවයේ සැබෑ ලෙසම නිරතවන නිලධාරීන්ට පමණක් ගෙවීමට ද මුදල් අමාත්‍යාංශය නිර්දේශකර ඇති බව ද සඳහන් වනවා.

තම ආයතන වල නිලධාරීන් චක්‍රිය ක්‍රමයකට කැඳවීමේදී ඔවුන්ට පැමිණීමට අදාළව ගෙවනු ලබන ඉන්ධන දීමනා ආදිය පැමිණෙන දිනට පමණක් සීමා වන සේ ගෙවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන ලෙස අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට අනතුරු අඟවයි
05:20
Video thumbnail
අනුර කරන්න පුළුවන් මිනිහෙක්ට රට දීලා ගෞරවාන්විතව පැත්තකට වෙන්න - ඉන්ධන නොමැතිවීම මිනිස්සු කුපිත වෙයි
02:29
Video thumbnail
අපිට හොඳයි මේ ආණ්ඩුව - අපිට සැපයි
03:05
Video thumbnail
ඩී.වී.චානක නැගිටලා හතර වටේටම දෙසයි - අප්‍රේල් මාසයට එක නැවක්වත් සීස් කරගෙන නෑ
09:10
Video thumbnail
ආබාධිතයි කියලා අපිට කරන්න දෙයක් නෑ - QR නැතුව තෙල් ගහන්න බෑ
04:28
Video thumbnail
දැනටමත් මාසෙකට වඩා අපිට තෙල් තියෙනවා - විපක්ෂය හැමදාම බොරදියේ තමයි මාළු බාන්නේ
03:50
Video thumbnail
චාමර සම්පත් නැගිටිලා ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි
11:57
Video thumbnail
විදේශිකයන් සෙට් එකක් ලංකාවට ඇවිත් කළ දැවැන්ත මාර්ගගත වංචාවක් කොටුකළ මෙහෙයුම
04:12
Video thumbnail
පාර්ලිමේන්තුව හෙට වහනවා - හදිසි තීරණයක් ගනී
03:06
Video thumbnail
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන්වල වැඩිවීමක් - පරණ ෂොපින් භාවිතා කරන්න වෙයි
08:41