බන්ධනාගාර රැඳවියෙකු පළායයි (ඡායාරූප)

වවුනියාව රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමට ගෙනා බන්ධනාගාර රැඳවියෙකු අද (25) දහවල් බන්ධනාගාර නිළධාරීන් මිදී පළා ගොස් තිබෙනවා.

බන්ධනාගාර නිළධාරීන්ගේ ආරක්ෂාව යටතේ ගෙනා රැඳවියෙකු මෙලෙස බන්ධනාගාර නිලධාරීන්ගෙන් ග්‍රහණයෙන් මිදී පළාගොස් වවුනියාව රෝහල පසුපස කුඹුරු යායක දිව ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරුව බන්ධනාගාර නිලධාරීන් ද අදාළ රැඳවියා පසුපස ගොස් යළි සිය භාරයට ගෙන තිබෙනවා.