බන්ධනාගාර රැඳවියෙක්ට දිවි අහිමි වීමේ සිද්ධියට බන්ධනාගාර නිලධාරීන් තිදෙනා රිමාන්ඩ්

කොළඹ මැගසින් බන්ධනාගාරයේ ආරවුලක් හේතුවෙන් රැඳවියෙක් මියයෑමේ සිද්ධියට අදාළව බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බන්ධනාගාර නිලධාරීන් තිදෙනා මැයි මස 6 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත නියෝග කරනු ලැබුවා.

මැගසින් බන්ධනාගාරයේ ජේරල්වරයෙක් සහ නියාමකවරු දෙදෙනෙක් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සැකකරුවන් අද (28) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දුන්නා.

කොළඹ මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙක් සහ නියාමකවරයෙක් අතර ඊයේ (27) පෙරවරුවේ ආරවුලක් හටගෙන ඇති අතර එහිදී ඔවුන් තිදෙනාම තුවාල ලබා ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, එලෙස රෝහල් ගත කෙරුණු එක් රැඳවියෙකු පසුව මියගොස් ඇති බවයි.

මියගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි 37 හැවිරිදි නවගම්පුර, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළු ගඟේ ජලය බැසයාම ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්
00:33
Video thumbnail
මොරටුව සලිත කරමින් ගිනිගත් නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ගිය නි.ඇමති - හැමෝටම උපදෙස් දෙයි
03:35
Video thumbnail
සොයිසාපුර ගින්න ගැන නි. ඇමති එරංග හෙළිකල දේ - මිනිස්සු ජීවත්වෙනවා කියලා හිතන්නේ නැතුව හදපු නිවාස
07:42
Video thumbnail
අනෝජන් ගැන ප්‍රශ්න කරද්දි ඇමතිතුමා සෘජු පිළිතුරු දෙන්න අකමැති වුණා
07:01
Video thumbnail
සජබ විරෝධතාවට කොට්ටහච්චිගෙන් සැර කතාවක් - ආතල් දාන්න නෙවෙයි පාර්ලිමේන්තුවට එන්නේ..ඇයි මෙච්චර බය ?
10:57
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.24
09:18:51
Video thumbnail
අනේ මට මැ#න්න බෑ..ජනාධිපතිතුමා මාව ගන්න ලංකාවට - උඹ ආවනම් ගුටි කාගෙන හිටපන් කියනවා ඒජන්සිය බැන්නා
06:10
Video thumbnail
"පිස්සුද අනේ..හරිනිට එහෙම කොන්දක් තියෙනවද ?"රෝහණ නැගිටලා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
08:09
Video thumbnail
රාවණා ඇල්ල නැරඹීමට ආ නෙදර්ලන්ත කාන්තාවක් දිය ඇල්ලෙන් වැ#ටී එළොව යයි
01:11
Video thumbnail
රිමාන්ඩ් වුණ ජානකි බන්ධනාගාර බසයෙන් යන අයුරු - බිම බලාගෙන යන හැටි
00:27