බන්ධනාගාර කොමසාරිස් නිල නිවසින් ලක්ෂ 07ක රන් භාණ්ඩ අතුරුදන්

බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායකගේ නිල නිවසේ තිබූ රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා රන් භාණ්ඩ අතුරුදන්ව ඇති බවට බොරැල්ල පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

මැගසින් බන්ධනාගාරය තුළ එම නිල නිවස පිහිටා ඇති අතර, ඔහුගේ බිරිඳ විසින් පොලීසියට මෙම පැමිණිල්ල සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම නිල නිවස සුද්ධ පවිත්‍ර කිරීම සඳහා සිරකරුවන් යොදවනු ඇතැයි ද ආරංචි මාර්ග පවසනවා.

පැමිණිල්ල සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?