AFC Banner
AFC Banner
Empty Ad

බදු සහන දෙන්න බිත්තරේ 42ට දෙන්නම්

කුකුළු නිෂ්පාදන කර්මාන්තයට අදාළව බදු සහනය ලබාදෙන්නේ නම් බිත්තරයක් රුපියල් 42.00ක මුදලකට ලබාදීමේ හැකියාව පවතින බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

බිත්තර සඳහා පනවා ඇති ගැසට් නිවේදනය ඉවත් කර, මෙම කර්මාන්තයට අදාළව බදු සහනයක් ලබා දෙන්නේ නම් සිංහල හින්දු අලුත් අවුරුද්දේ සිට හිඟයකින් තොරව බිත්තර ලබාදීමේ හැකියාවක් පවතින බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

බිත්තර සඳහා පනවා ඇති ගැසට් නිවේදනය හේතුවෙන් බොහෝ පිරිස් මෙම කර්මාන්තයෙන් ඉවත්ව ඇති බවත් එම සංගමය පෙන්වා දෙනවා.

මේ අතර බිත්තර පිටරටින් ගෙන්වීමට කටයුතු කිරීමෙන් මෙම කර්මාන්තය අනතුරකට ලක්ව ඇති බවත් එම සංගමය සඳහන් කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?