AFC Banner
Empty Ad
Empty Ad

බදු ගෙවන්නන්ට විශේෂ දැනුම්දීමක් – බදු ගෙවිය යුතු පුද්ගලයන් සංඛ්‍යාවත් ඉහළට

බදු ගෙවන්නන් ලියාපදිංචි කිරීම වෙනුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් 2023 වසරේ දී හඳුන්වා දෙනු ලැබූ TIN අංක යටතේ 2023/2024 තක්සේරු වර්ෂය සඳහා බදු ගෙවිය යුතු පුද්ගලයන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව එම සංඛ්‍යාව 868,009ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

මේ අතර මෙම ක්‍රමය හඳුන්වාදීමට පෙර 2022/2023 තක්සේරු වර්ෂයට බදු ගෙවිය යුතු පුද්ගලයන් සංඛ්‍යාව පැවතියේ 333,313ක් ලෙස බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට අනුව මසකට රුපියල් 100,000කට වැඩි හෝ වර්ෂයකට රුපියල් 1,200,000කට වැඩි ආදායම් හෝ ලාභ උපයනු ලබන පුද්ගලයන් වාර්ෂිකව ආදායම් වාර්තාවක් ඉදිරිපත් කර බදු ගෙවිය යුතු වනවා.

මේ අතර ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී ඇතත්, ව්‍යාපාර කටයුතු අවසන්කර තිබීම හෝ ආදායම් මාර්ග නොමැති වීම වැනි හේතු මත බදු ගෙවීමට ආදායමක් නොමැති නම්; බදු ගෙවීම සඳහා සිදුකර ඇති ලියාපදිංචිය අක්‍රීය කරගත හැකි බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.

අනුව බදු ගෙවීමට තරම් ආදායමක් හෝ ලාභයක් නොමැති නම්, ඒ බව සනාථ කළ හැකි ලේඛන, මාර්ගගත ක්‍රමය යටතේ දෙපාර්තමේන්තුව වෙත 2024 නොවැම්බර් මස 30 වන දිනට ප්‍රථම ඉදිරිපත් කළ යුතු වනවා.

මේ අතර 2023/2024 තක්සේරු වර්ෂයට නියමිත ආදායම් වාර්තා යොමුකිරීමේ පහසුකම www.ird.gow.lk යන දේශීය ආදායම් වෙබ් අඩවියේ දැක්වෙන ඊ සේවාවට පිවිසීමෙන් ලබා ගැනීමට හැකියාව පවතිනවා.

2 6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් සර්වජන බලය හැර යද්දී ලක් අම්මා සර්වජන බලයට එක්වෙයි
Video thumbnail
අපි අනිවාර්යෙන් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ
03:58
Video thumbnail
අනුර කුමාර හොරු අල්ලද්දී - අපි රට හදන්න ලෑස්තීයි #shortvideo #viralvideo
00:06
Video thumbnail
අනුර කුමාර හොරු අල්ලද්දී - අපි රට හදන්න ලෑස්තීයි #anurakumaradissanayake #sjb
01:25
Video thumbnail
ලෝක කුසලානය ගෙන්න තරම් පුළුන් දක්ෂයො දැන් ඉන්නවා #srilankacricket
01:32
Video thumbnail
වියදම් කෙසේ වෙතත් - අපි පාක්ෂිකයන් ගාවට යනවා - පිච් එක නරක වෙලාවට බැට් කරන්න ඕනි
01:33
Video thumbnail
සජබය අනුර එක්ක වැඩ කරන්න සැරසෙයි
04:21
Video thumbnail
මාලිමාවට සල්ලි එන්නේ - කොහෙන්ද කියලා හොයාගන්නත් බෑ
04:58
Video thumbnail
කයිවාරු ගහන තරම් රටවල් පාලනය කරන්න ලේසි නෑ #sajith #anurakumaradissanayake #hirunika
12:40
Video thumbnail
හිරුණික මනාප ක්‍රියාන්විතය අරඹයි - අම්මෝ අම්මෝ කට ඇරියොත් පළාතක් ඉවරයි#hirunika_premachandra
04:43

?