බදුල්ල මහ රෝහලේ ශල්‍ය වෛද්‍යවරයෙක් හදිසියේ මියයයි

බදුල්ල මහ රෝහලේ සේවයකළ ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍යවරයෙක් පෙරේදා (05 වැනිදා) සවස හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම වෛද්‍යවරයා ගාල්ල , වක්වැල්ල පදිංචිව සිටි චානක හලින්ත ලොකුගේ නැමති 46 හැවිරිදි අයෙකි.

ඔහු බදුල්ල, කයිලගොඩ ප්‍රදේශයේ කුලී නිවසක තාවකාලිකව පදිංචිවී සිට ඇත.

එම නිවස තුළ ඔහු සිහිසුන්ව සිටින බවට නිවෙස් හිමියා කළ දැනුම් දීමට අනුව තමා සහ තවත් සෞඛ්‍ය කාර්යමණ්ඩලයක් වහාම එහි ගිය බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක හා බදුල්ල ශාඛා සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ පැවැසීය.

එහිදී ප්‍රථමාධාර ලබාදී වෛද්‍යවරයා බදුල්ල මහ රෝහලට රැගෙන ආ නමුත් ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇත.

හෘදයාබාධයක් නිසා මෙම මරණය සිදුව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09