බෝම්බ තර්ජනයක් හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ අද (14) පෙරවරුවේ උණුසුම් තත්ත්වය්යක් හටගෙන තිබෙනවා.
එම කාර්යාලයේ විද්‍යුත් තැපැල් ලිපිනයට පෙරවරු 9.24ට පමණ කාර්යාල සංකිර්ණය තුළ බෝම්බයක් ඇති බවට පණිවුඩයක් ලැබුණු බවයි බදුල්ල දිස්ත්‍රික් සහකාර කම්කරු කොමසාරිස් සුජාතා කුමාරි පැවසුවේ.
ඒ, අනුව වහාම ක්‍රියාත්මක වී එහි කාර්ය මණ්ඩලය ඉන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
මේ පිළිබඳව බදුල්ල මූලස්ථාන පොලිස් ස්ථානය හා කම්කරු දෙපාර්තමේන්තුවේ කොළඹ දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට කටයුතු කල බව ද සහකාර කම්කරු කොමසාරිස්වරිය වැඩිදුරටත් සදහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1



