සෞඛ්‍ය සේවකයින් 25ක් රෝහල් ගත කර ඇති බවට පැතිරෙන කතාවේ ඇත්ත කතාව මෙන්න

බදුල්ල රෝහලේ කොරෝනා එන්නත එන්නත් කළ සෞඛ්‍ය සේවකයින් 25 දෙනෙක් අසාධ්‍ය වී රෝහල් ගත කර ඇති බවට පැතිරෙන කතාව අමුලික බොරුවක් බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය රොහාන් මාපා මහතා අප වෙත පවසා සිටියා.

මේ වනවිට රෝහල් සේවකයින් 2390 දෙනෙකුට කොරෝනා එන්නත එන්නත් කර තිබෙන බවත් එම සේවකයින් කිසිම කෙනෙකු රෝහල් ගත කර නැති බවත් හෙතෙම සඳහන් කර සිටියා.

එවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කර ජනතාව බිය නොකරන ලෙස අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පිරිසගෙන් රෝහල් අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටියා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?